22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ඉතිහාසයට එක්වෙන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා

ඉතිහාසයට එක්වෙන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා

2020 ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් තේරී පත්ව තිබේ.

එලෙස තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වන ටී. නෙල්කා ශිරෝමාලා නැමති නිලධාරිනියකි.

එම නිලධාරිනිය ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා 1997 වර්ෂයේ දී ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස පොලිස් සේවයට එක්ව තිබේ.

2001 වසර්ෂයේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික තරඟාවලියකට සහභාගී වු පළමු කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ද ඇය වේ.

2001 – 2006 දක්වා ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් බොක්සිං තරඟාවලි සඳහා සහභාගී වෙමින් පොලීසිය වෙත විවිධ ජයග්‍රහණයන් අත්කර දෙමින් ශිරෝමාලා නිලධාරිනිය අඛණ්ඩව වසර 5ක් දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනා ඇත.

2009 වසරේ පළමු වරට ශ්‍රී ලංකා කාන්තාවන් සඳහා වු බොක්සිං තරඟ තීරක වශයෙන් සමත්ව 2011 වසරේ පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරඟ විනිසුරුවරියක් වශයෙන් උසස්වීම් ලබා ඇති ඇය 2011 වර්සයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිහාස ගත විය.

පසුව 2011 වර්ෂයේ දීම ලන්ඩන් හි පැවති ඔලිම්පික් පූර්ව තේරීම් තරඟාවලියට සහභාගී වීමට වරම් ලබා ඇති ඇය ජාත්‍යන්තර දෙවන පෙළ විනිසුරුවරියක් ලෙස උසස් වීම් ලබා තිබේ. 

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය, ඔලිම්පික් තේරීම් තරඟාවලිය, ආසියානු මහද්වීප බොක්සිං තරඟාවලිය, අග්නිදිග ආසියානු බොක්සිං තරඟාවලිය හා වෙනත් විවිධ ජාත්‍යන්තර බොක්සිං තරඟාවලි රැසක් විනිශ්චය කරමින් ඇය ශ්‍රී ලංකාවට මෙන් ම පොලීසියට ද ගෞරවයක් අත්කර දී ඇත.

2017 වර්ෂයේ දී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරිය ට හිමි සම්මානය හිමිකර ගනිමින් නෙල්කා ශිරෝමාලා ආසියානු කාන්තාවක් විසින් දිනාගත් දක්ෂතම බොක්සිං විනිසුරු සඳහා වු සම්මානය ද ලබාගත් පළමු තැනැත්තිය බවට පත්ව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments