මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ යට්තල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාණු මහකොමසාරිස් කාර්යාලය හරහා මා විසින් කල ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු රජයේ ආධාර ලබාදීමට පොරොන්දු වූ බව පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මැතිතුමා පැවසීය. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ නැගෙනහිර පලාතේ ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍ය මෙන්ම යට්තල පහසුකම් ව්‍යාපෘතියන් ආරම්භ කරන බවද ඒ සදහා ශ්‍රී ලංකා රජයේ සහය උපරිමයෙන් ලැබෙන බවත් පැවසීය.මෙම ව්‍යාපෘතියන් සම්බන්ධයෙන් ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වන ව්නෝද් කේ. ජාකෝබ් මහතාගේ ( Vinod K. Jacob) නිල නිවසේදී මෙම හමුව අද (21-07-2021)දින පැවතුනි.)මෙම ව්‍යාපෘතින් තුලින් මඩකලපුව දිස්ත්‍රික්කයේ දුප්පත් ජනතාවට විශාල පිටුවහලක් වන බවත් ජනතාව ඉන් මහත් අත්වැසිල්ලක් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසීය.පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා හා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සම්බන්ධිකරණ ලේකම් සෙන්දිල් තොන්ඩමන් මහතාද ඉංදියානු තානාපති කාර්යාලයේ පලමු ලේකම්වරයෙකු වන ඉ.එම්.පුන්නෝසේ මහතාද (Eldos Mathew Punnoose -First Secretary, Development Cooperation, Press & Information)මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.
