25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ දැරියක් පිලිස්සි මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම...

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ දැරියක් පිලිස්සි මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා තව පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සි මියයෑම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙනවා.

මේ සඳහා බොරැල්ල පොලිසියට අමතරවා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා. ඒක කණ්ඩායමක් කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට අයත් පොලිස් නිලධාරීන් අනෙක් කණ්ඩායම කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අයත් නිලධාරින් මෙම කණ්ඩායම් දෙක (20) දැරිය මුලින් පදිංචිව ඇති පාසැල් ගොස් ඇති අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දන ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදි ප්‍රකාශ හතරක් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන් මෙම දැරිය පාසැල් ගිය පාසැලේ විදුහල්පති හා උපවිදුහල්පතිවරයාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඉන්පසු මෙම කණ්ඩායම් දෙක ඩයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා.එහිදි (21) එම දැරියගේ මවගේ ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි. ඒ වගේම අදාලය අයගේ ප්‍රකාශ ලබාගැනීම නියමිතයි.

එමෙන්ම මෙම හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සිටි පිරිමි සේවකයකුගේ දුරකතනය පොලිසිය භාරයට ගෙන තිබුණා. මීට දින කිහිපයකට පෙර ඒ වගේම ඔහුගේ ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබුණා. කෙසේ වෙතත් මෙම දුරකතනයේ දත්ත මකා දමා තිබේද යන්න පරික්ෂා කිරීමක් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා තිබෙනවා. ඒ සම්බන්ධ වාර්තාවක් ලබාගැනීමටත් නියමිතව තිබෙනවා. මේ තවදුරටත් අඛණ්ඩව පරීක්ෂණ පැවැත්වෙනවා. අධිකරණය විසින් දුරකතන දත්ත විශ්ලේෂණය කිරීම හා බැංකු ගිණුම් පරීක්ෂා කිරීම නියෝග නිකුත් කර තිබුණා. ඒ අනුව එම දත්ත වාර්තා ලබාගෙන තවදුරටත් විශ්ලේෂනය කරමින් විමර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ වගේම මෙමදැරිය රැගෙන ආ කාලය තුල මේ දක්වා යම් ආකාරයකට කෲරත්වයකට භාජනයවී ඇත්දැයි මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණක් වෙනවා. එමෙන්ම වෛද්‍ය වර්තාවේ කරුණු පිළිබඳවද තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments