21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්“කොවිඩ් ආසාදනයෙන් මියගිය සහ දැඩි සත්කාර ඒකක වල අසාධ්‍ය කොවිඩ් රෝගීන් අති...

“කොවිඩ් ආසාදනයෙන් මියගිය සහ දැඩි සත්කාර ඒකක වල අසාධ්‍ය කොවිඩ් රෝගීන් අති බහුතරයක් එක් එන්නතක්වත් ලබා ගෙන නැහැ.” – සෞඛ්‍ය ඇමතිනි

මේ වන විට රජය විසින් ප්‍රමුඛතාවය අනුව දිවයින පුරා ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහන් දියත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට එන්නත් තොග ලැබී තිබෙනවා, ඉදිරියටත් ලැබෙමින් තියෙනවා..

නමුත් පසුගිය දින කිහිපය තුළ  රජය විසින් සාර්ථක අන්දමින් එන්නත්කරණ  ක්‍රියාවලිය සිදු කලත් මෙම එන්නත් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ යම් අඩු වීමක් සහ මන්දගාමී බවක් දක්නට ලැබී තිබෙනවා. ඒ බව දත්ත සහ තොරතුරු වලින් සෞඛ්‍ය බලධාරීන් අපට පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් මේ දක්වා කොවිඩ් රෝගය වැළඳී මියගොස් ඇති පුද්ගලයින් සහ කොවිඩ් රෝගය වැළඳී දැඩි සත්කාර ඒකක වල සිටින අය කිසිම එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අය බවට දත්ත සහ තොරතුරු වලින් අනාවරණය වී තිබෙනවා. ඒ නිසා වයස අවුරුදු 60 ට වැඩි සහ විවිධ සංකූලතා තිබෙන ජනතාව මෙම එන්නත්කරණ වැඩසටහන් වලට සහභාගී වී එන්නත් ලබා ගෙන තමනුත් ආරක්ෂා වෙලා අන් අයත් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටිනවා.  මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments