26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි දහසය හැවිරිදි දැරියක් පිළිස්සුම් තුවාළ සහිතව...

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි දහසය හැවිරිදි දැරියක් පිළිස්සුම් තුවාළ සහිතව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ, ඇයගේ පියා හා දැරිය රැගෙන ආ තැරැව් කරු අත් අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන ඒ මහතා මෙසේද කියා සිටියි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි දහසය හැවිරිදි දැරියක් පිළිස්සුම් තුවාළ සහිතව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය මගින් තවදුරටත් පරික්ෂණ පවත්වනු ලැබුවා.

මෙහිදි ප්‍රකාශ විස්සකට ආසන්න ප්‍රමාණයක් සටහන් කරගනු ලැබුවා.
මීට අමතරව පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් කරුණු පරිවේෂණික, විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි , බැංකුවාර්තාද උපයෝගි කරගෙන මෙසේ පූර්ණ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මෙම දැරිය කෲරත්වයට භාජනය කර ඇති බවත් ඒ වගේම මෙම දරිය කොළඹට රැගෙනවිත් මේ ආකාරයට කෲරත්වයට භාජනය කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළඳාම නැමැති වරද සිදුකිරීම කර ඇති බවටත් අනාවරණය වුණා. මේ වැරැදි සම්බන්ධයෙන් ඇමැතිවරයගේ බිරිඳවන හතළිස් හය හැවිරිදි ශෙහාබ්ඩීන් අයේෂා නැමැති අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව ඇමැතිවරයාගේ බිරිඳගේ පියාවන හැත්තෑ හැවිරිදි මොහොමඩ් ශෙහාබ්ඩීන් නැමැති අයද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව දැරිය කොළඹට රැගෙන ආ තැරැව්කරුවන ඩයගම පදිංචි පොන්නයියා පන්ඩාරම් නොහොත් ශංකර් නැමැත හැට හතර හැවිරිදි පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අය අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ නඩුවිදාන සංග්‍රහයේ විධිවිධාන යටතේ පැය හැත්තෑ දෙකක කාලයක් රඳවාගැනිමේ නියෝගයක් ලබාගැනීමට නියමිතව තිබෙනවා. අපරාධ නඩු සංග්‍රහයට අනුව ළමා අපරාධයක් සිදුකිරීමට අදාළව පොලිස් අධිකාරිවරයෙක් ඉදිරිපත් කරනු ලබන වාර්තාවකින් අනතුරුව පැය 72ක රඳවා ගැනිමේ නියෝගයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.එම කාලය තුල තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදි සිදුකරන ලද වැරැදි ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 360 ඇ වගන්තියේ සඳහන් තැනැත්තන් වෙළඳාම සහ ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 308 වගන්තියේ ආ කෲරත්වයට භාජනය කිරිමේවගන්තියට අනුව විමර්ශනයේ අනාවරණයවී තිබෙනවා. තවදුරටත් බොරැල්ල පොලිසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය මගින් තවදුරටත් පරික්ෂණ පවත්වනු ලබනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments