29.4 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්නැගෙනහිර නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සංජීව ඩයස් වැඩ...

නැගෙනහිර නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සංජීව ඩයස් වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් සංජීව ඩයස් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී අද (2021 ජූලී 24) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගත්තේය.

නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් සංජීව ඩයස් උතුරු මැද  නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරන ලදී. නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාරය පිරිනමමින් නැගෙනහිර නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න  විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව අඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, නැගෙනහිර නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමා  නැගෙනහිර නාවික  විධානයෙන් සමුදීම සිදු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments