23.7 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිට පිළිස්සුම් තුවාළ ලබා දහසය හැවිරිදි දැරියක්...

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිට පිළිස්සුම් තුවාළ ලබා දහසය හැවිරිදි දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අගෝස්තු 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අදාළ සැකකරුවන් (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එමෙන්ම අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිට දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳ , ඇයගේ පියා හා තැරැව් කරු වෙනවා. මේ සිද්ධියට සම්බන්ධ ප්‍රකාශ 36ක් සටහන් කරගෙන තිබෙනවා. බොරැල්ල පොලිසිය, කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය, කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය. එමෙන්ම මේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් පිළිබඳවද අවධානය යොමුවි තිබෙනවා.

විශේෂයෙන් පරිවේෂණීය හා තාක්ෂණික පරීක්ෂණ හා සෘජු සාක්ෂි ගැනද පරික්ෂණ ගැන පොලිසියේ අවධානය යොමුවි තිබෙනවා. මේ පරීක්ෂණ සිදුකරන අතර මීට පෙර විසිදෙ හැවිරිදි තරුණියක් දූෂණයවු බව අනාවරණය වුණා. එ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. ඔහුද රඳවා ගැනීමේ නියෝග අවසන්වීමෙන් පසු අද(26) අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. මේ පරීක්ෂණ පැවැත්වෙන්නේ වෘත්තීය භාවයෙන් නිපුණත්වයක් ලැබු අයයි. මේ සම්බන්ධයෙන් සියලු සාක්ෂි හා පුද්ගලයින් සොයා කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා.

තවදුරටත් බොරැල්ල පොලිසිය, කොළඹ දකුණ කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශන සිදුකරනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments