26.2 C
Sri Lanka
Saturday, August 9, 2025
Homeදේශීය පුවත්කිරිබත්ගොඩ ව්‍යාජ ලේඛන හා හැඳුනුම්පත් සකස් කරන ස්ථානයක් පොලිසිය වටලයි.

කිරිබත්ගොඩ ව්‍යාජ ලේඛන හා හැඳුනුම්පත් සකස් කරන ස්ථානයක් පොලිසිය වටලයි.

කිරිබත්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් අනුව කිරිබත්ගොඩ පොලිස් වසමේ වේවැල්දූව ප්‍රදේශයේදී ව්‍යාජ ලෙස හැඳුනුම්පත් සහ ලේඛන සකස් කරන ස්ථානයක් වටලා තිබෙනවා.

මේ ස්ථානයේ සිටින හැටහය හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මේ ස්ථානයේ තිබි ව්‍යාජ ලෙස සකස් කර තිබුණු හැඳුනුම්පත් පහක්. ව්‍යාජ ලෙස සකස් කරනු ලැබු රියැදුරු බලපත්‍රයක්. මුද්‍රණ යන්ත්‍ර පහක් සහ ලැමිනේටින් කඩදාසි අනුවක් සොයාගෙන ඇත. මේ ස්ථානයේ ව්‍යාජ ලෙස ලේඛන සකස් කර තිබෙන බව සාක්ෂි ඇතිව පෙනිගොස් තිබෙනවා. අත්අඩංගුවට ගත් මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. විවිධ හේතුමත පුද්ගලයින් ව්‍යාජ ලේඛන සකස් කරනවා ව්‍යාජ ලේඛන සකස් කිරීම, ළඟ තබා ගැනීම, ව්‍යාජ ලේඛන භාවිතා කිරීම වරදක් වෙනවා. උප්පැන්න සහතික, හැඳුනුම්පත් , රියැදුරු බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් භාවිතා කිරීම වසර තුන දක්වා බන්ධනාගාරගත කිරීමේ වරදක් වෙනවා. ව්‍යාජ ලේඛන, කූඨ ලේඛන සකස් කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ වරදක් වෙනවා මෙන්ම ව්‍යාජ ලේඛනයක් භාවිතා කිරීම වරදක් වෙන අතර මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂණ පවත්ව න්න ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. මෙවැනි ක්‍රියාවලින් වැළැකි සිටීම සියලු පාර්ශවයන්ගෙන වගකීමක් යුතු කමක් වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments