26.2 C
Sri Lanka
Saturday, August 9, 2025
Homeදේශීය පුවත්ඔබ අතට පත්වෙන රුපියල් පන්දහසේ හා රුපියල් දහසේ නෝට්ටු පිළිබඳ නිරන්තර අවධියෙන්...

ඔබ අතට පත්වෙන රුපියල් පන්දහසේ හා රුපියල් දහසේ නෝට්ටු පිළිබඳ නිරන්තර අවධියෙන් සිටින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කටුනායක හැවිරියාවත්ත ප්‍රදේශයේ වෙළඳසැලකට ගියපුද්ගලයෙක් යම්භාණ්ඩයක් ලබාදී රුපියල් දහසේ නෝට්ටුවක් ලබාදී තිබෙනවා. වෙළඳසැල් හිමියාට මේ සම්බන්ධයෙන් සැක සිතීමෙන් අනතුරුව අදාල නෝට්ටුව පරීක්ෂා කිරීමේදි එය ව්‍යාජ නෝට්ටුවක් බවට සැක සිති පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි ඔහු සතුව තිබි රුපියල් දහසේ නෝට්ටු පහක් තිබි අසුවී තිබෙනවා.

මේවනවිට පොලිසිය රුපියල් දහසේ නෝට්ටු හයක් පමණ සොයාගෙන තිබෙනවා. ඒ අනුව ව්‍යාජ ළඟ තබා ගැනීම හා ගනු දෙනු කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා. එමෙන් ඔහු සතුව තිබි මෙම මුදල් මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රයක්ද සොයාගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් පන්දහසේ හා දහසේ ව්‍යාජ නෝට්ටු බෙදාහරින පුද්ගයන් ගැන නිරන්තරයෙන් වාර්තා වෙනවා. ජනතාව මේ සම්බන්ධයෙන් දැඩිවිමසිල්ලෙන් පසුවිය යුතු අතර විශේෂයෙන් එම නෝට්ටුවල දිය සළකුණ, මැද කළු දාරය යන නාර්ණාකයන් පරීක්ෂා කිරීමේදි ව්‍යාජ නෝට්ටු සැබෑ නෝට්ටුවකින් වෙන්ව හඳුනාගත හැකියි. ඔබ අතට සැකසහිති නෝට්ටුවක් ලැබුණොත් ඔබ ගනුදෙනු නොකර එම නෝට්ටුව ළඟම තිබෙන පොලිසියට භාර දෙන ලෙස ඉල්ලනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments