22.1 C
Sri Lanka
Thursday, May 15, 2025
Homeදේශීය පුවත්පළාත් පාලන මැතිවරණය කල්දමන්න ඇමැතිට අදාළ පනත් මගින් බලය ලබාදී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය කල්දමන්න ඇමැතිට අදාළ පනත් මගින් බලය ලබාදී තිබෙනවා.

පළාත් සභා මැතිවරණය කල්දමා ඇති මොහොතක මෙන්ම කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ද කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයාට බලතල ඇත්තේ වසරක් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ සඳහා ඇමැතිට බලය පැවරෙන්නේ මහ නගර සභා ආඥා පනත, නගර සභා පනත හා ප්‍රාදේශීය සභා පනත යන ත්‍රිත්වයෙන්ය. ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 10වනදා මැතිවරණය නොපවත්වා රටේ පවතින තත්ත්වය අනුව අවශ්‍ය වන්නේ නම් 2023 වසරේ පෙබරවාරි 10 දක්වා එය කල් දැමීමට විෂය භාර ඇමැතිට බලතල තිබේ. වසර ගණනාවක් මුළුල්ලේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල්දමා ඇති මොහොතක පළාත් පාලන මැතිවරණය පවත්වන දින වකවානු මේවනවිට ආසන්නවී තිබේ. 2018දී අවසන්වරට පළාත් පාලන මැතිවරණ පැවැති අතර ඒ අනුව ලබන පෙබරවාරි 10 පෙර පැවැත්විය යුතුව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments