29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය ඡායාරූප අරගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය...

සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය ඡායාරූප අරගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කොට කාන්තාවකගෙන් කප්පම් ඉල්ලා දෙන්නෙක් කොටුවේ.

එංගලන්තයේ සිට සමාජමාධ්‍ය ඔස්සේ කාන්තාවක් සමග සාකච්ඡා කරන විට අසභ්‍ය ඡායාරූප අරගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජන කරමින් රුපියල් ලක්ෂ 17ක මුදලක් කප්පම් ලෙස ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ 02,කොම්පඤ්ඤවීදියේදී දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.

කොළඹ කාන්තා කාර්යාංශය මගින්
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රුපියල් ලක්ෂ හතක කප්පමක් ගැනීමට පැමිණි අවස්ථාවේදී.

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි කාන්තාවක් දැනට වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ whatsappසමාජ මාධ්‍යජාලා ඔස්සේ දැනට එංගලන්තයේ සිටින යාපනයේ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු සමග යම් සබඳතාවයක් පවත්වා තිබෙනවා. ඉන්පසු එම පුද්ගලය මෙම කාන්තාව සමග අමනාපවීමෙන් පසු එම පුද්ගලයා මෙම කාන්තාව සමග whatsappසමාජ මාධ්‍ය ඔස්සේ කතාකරමින් සිටිද්දි ලබාගත් විවිධ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරින බව කියා තිබෙනවා. එම පුද්ගලයා විවිධ අවස්ථාවලදි මෙම කාන්තාවගේ අසභ්‍ය ඡායාරූපද ලබාගෙන තිබෙන බවත් ඊට ඇය ඉඩ ලබා තිබෙනවා. මෙම පිංතූර සමාජ මාධ්‍ය වෙත මුදාහරින බව කියමින් මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ දාහතක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා.

එම මුදලින් රුපියල් ලක්ෂ හතක මුදලක් ඇය ලබාදෙන්න කැමැති බව පැවසීමෙන් පසු ඒ මුදල් ලබාගැනීමට එංගලන්තයේ සිටින පුද්ගලයා විසින් ලංකාවේ පුද්ගලයින් දෙදෙනකු එවා තිබෙනවා. එසේ පැමිණි දෙදෙනා කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(28) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සිද්ධියේදීත් වඩාත් පිළිබිඹු වන්නේ සමාජ මාධ්‍ය භාවිතයේදී හා එහිදි හැසිරීමේදී විවිධ ව්‍යසනයන්ට පුද්ගලයන් මුහුණ දෙන්න බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතයේදී ඉතා අවබෝධයෙන් අවධානයෙන් ඒවා භාවිතා කරන ලෙස ඉල්ලනවා. මෙම කාන්තාව පැමිණිල්ල කරන අවස්ථාවේදී පොලිසිය සිදුකරන අවස්ථාවේදි කියා තිබෙන්නේ ඇය කිසි දිනෙක මෙම පුද්ගලයා පෞද්ගලිකව හමුවි නැති බවය. එංගලන්තයේ සිටින පුද්ගලයා පිළබඳවද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments