29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්20 සංශෝධනය අහෝසි කරමු යැයි එ.ජා.ප. සභාපති කියයි.

20 සංශෝධනය අහෝසි කරමු යැයි එ.ජා.ප. සභාපති කියයි.

ශ්‍රී ලංකාව නිදහස ලබන විට ජපානය සමග සම මට්ටමින් තිබුණ බවත්, දැන් අප ඉන්නේ ඇෆ්ගනිස්තාන මට්ටමේ බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කර තිබුණා. ඉදිරි වසර 10 ත් 15 ත් අතර රටේ අනාගතය කුමක්ද ? උතු‍රේ සහ දකුණේ අනාගතය පිළිබඳ පැහැදිළිව සිතා බැලිය යුතු කාලය එළඹ වී ඇති බව ප්‍රකාශ කර තිබුණා.

නිදහසට ප්‍රථමත් නිදහසට පසුවත්නිදහස් අධ්‍යාපනය තහවුරු වුණා. නිදහස් සෞඛ්‍ය සේවාවත් ශක්තිමත් කළා. 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සමාජවාදී ප්‍රතිපත්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරලා මහජන පරමාධිපත්‍ය ශක්තිමත් කළා. විධායක ජනාධිපති ක්‍රමයකුත් හඳුන්වා දුන්නා. ඒක මේ රටට අහිතකරය කියා පෙළපාලි ගියෙත් අද බලයේ ඉන්න කණ්ඩායමමයි.

පසුකාලිනව සමාජයේ ඇති වුණ මතවාදය නිසා එයටද ගරු කරමින් එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා 19 වන සංශෝධනය ඉදිරිපත් කරලා විධායක බලය පාලනය කරලා ඒ බලය පාර්ලිමේන්තුයටත්, කැබිනට් මණ්ඩලයටත්, අග්‍රාමාත්‍යවරයාටත්, ස්වාධීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කොමිෂන් සභා ගණනාවකටත් ඇතුලත් කරලා පාර්ලිමේන්තුවේ 222ක සහභාගීත්වයෙන් සියලු දෙනාගේ දායකත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවත් සම්මත කළා. එහෙම 222 කකින් සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව වර්තමාන රජය පැය කිහිපයකදී ඡන්ද එකසිය හැට ගණනකින් සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒකයි රනිල් වික්‍රමසිංහ නායකතුමා හිතන්නේ අනාගතයේ යකඩ වගේ ජාතික ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍ය කරනබව.

222 කකින් සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 223 කින් වත් වෙනස් කරන්න ඕන.  ඒ කියන්නේ ජන මත විචාරණයකින්වත් වෙනස් කරන්න ඕන. දැන් එ අලුත් නීති රීතිත් ඇතුලත් කරලා 20 සංශෝධනයත් අහෝසි කරලා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කිරිම එක්සත් ජාතික පක්ෂයෙ අරමුණ බව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා පැහැදිළිව ප්‍රකාශ කරලා තිබෙනවා. රටට පාඩු ලබන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් කලබලයෙන් රටේ ඇති කලා පසුගිය රාජපක්ෂ පාලනය කාලයේ. හම්බන්තොට වරාය, හම්බන්තොට ගුවන්තොටුපළ, නොගැලපෙන ස්ථානවල ජාත්‍යන්තර ක්‍රීඩාංගන විශාල වශයෙන් ඉදි කරලා මහා ණය කන්දක් ඇති කරපු පාලනයක් 2015 ජනවාරි 08 ‍වෙනිදා බාර අරගෙන ලෝකයේ හොඳ නම දිනාගන්න පුලුවන් රටක් විදියට පරිවර්තනය කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය නිසයි.

මේ මොහොතේ හදීසි වැඩ කිහිපයක් ක්‍රියාත්මක කරන්න තිබුණා. එකක් මෙ කඩාගෙන වැටෙන මහා ආර්ථිකයෙන් පිඩා විඳින ජනතාව ගොඩ ගැනීම සඳහා කෙටි කාලීන වැඩ පිළිවෙලක්. එ වගේම වෙනස් කළ නොහැකි දිග කාලීන වැඩ පිළිවෙලකුත් අනාගතය පරපුර පිළිබඳ හිතලා එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන්න කල්පනා කරනවා. ලොකයේ බොහෝ රටවල් ජපානය, තායිලන්තය වැනි රටවල් ආණ්ඩු අවුරුද්දෙන් අවුරුද්ද මාරු වුණත් ජාතික ප්‍රතිපත්ති මාරු වෙන්නෙ නෑ. ප්‍රතිපත්තිය එ‍ලෙසම ඉදිරියට ගමන් කරනවා. ඒකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ආණ්ඩු මාරු වුණාම,මාරු නොවන ජාතික ප්‍රතිපත්ති ක්‍රියාවලියක් සියලු දෙනාගේ එකඟත්වයෙන් ගොඩ නැගිය යුතුව තිබෙනවා කියා.

ඒ නිසා තමයි අපේ ජාතික ප්‍රතිපත්තිය විය යුත්තේ ලෝකයත් සමග තරඟ කරලා ලෝක වෙළඳ පොලට ඇතුල් වීමයි. ඉතා පුළුල් වෙළෙඳ ගිවිසුම් අද ලෝකයේ සෑම ප්‍රධාන රටකම තිබෙනවා. ඒකයි අපි පක්ෂයක් හැටියට හිතන්නේ අපේ වරායට වෙන කෙනෙක් ඉදි කිරීම් කරනකොට අපිත් ඉන්දියාවේ වරායවල් වල ජැටි ඉල්ලගෙන ඒවා සංවර්ධනය කරන්න තරම් ශක්තිමත් වෙන්න ඕන කියලා. අපිත් ලෝකයේ රටවල් වල ගිහින් එහෙම ක්‍රියා කරන්න ඕන. ඉන්දියන් සාගරයේ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි කියලා ඒකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කල්පනා කරන්නේ.

අපේ දේශීය කර්මාන්ත ලෝක වෙළඳපොලට ගැළපෙන පරිදි නවීකරණය කළ යුතුයි. දැන් මේ මාසේ බැඳුම්කර ණය ගෙව්වාට පසුව අපට ඉතිරි වෙන්නේ ඩොලර් කෝටි තුන් දහසකට අඩු මුදලක්. ඒකෙන් අත්‍යවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කළාට පසුව වසර අවසානය වන විට තවත් ණය ගෙව්වට පසුව අපට පොහොර ගෙන්වන්නමුදල් නැතිවෙනවා. ඒකයි කාබනික පොහොර ගැන කතා කරන්නේ. ඒක නිසයි අපි ප්‍රකාශ ක‍ළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනිවාරයෙන්ම යායුතුයි කියලා. මූල්‍ය අරමුදලෙන් සහතිකයක් දුන්නාම අනිත් අයත් බය නැතිව අපේ රටට ණය දෙනවා.

වහාම විනාශ වන ගොවිතැන ගොඩ ගැනීම සඳහා රසායනික පොහොර කඩිනමින් ලබා දිය යුතුව තිබෙනවා. කවුරු මොන මතයේ සිටියත් එය කළ යුතුමයි. එහෙම නොවුණහොත් රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා මහා ආහාර අහේනියක් ඇති වෙලා මහජනතාව අද ඉන්න තත්නයෙනුත් තවත් පහළට වැටිලා, ජීවත් වෙන්න බැරිම තත්ත්වයක් මේ පාලකයන් නිර්මාණය කරලා තියෙනවා. ඒකට වගකියන්න ඕන විද්වත් යැයි කියා ගත් දේශපාලනයේ අන්තයටම ගෙන ගිය කණ්ඩායමයි. ඔවුන්ටත් ඒ කළ වැරැද්දෙන් නිවැරදි වෙන්න දැන් තියෙන හොඳම අවස්ථාව තමයි එක්සත් ජාතික පක්ෂය වැනි දේශපාලන පක්ෂයක් සමග එකතුවෙලා වැරැද්ද නිවැරදි කරගන්න එක. මේ තත්ත්වයෙන් රට වෙනස් කිරීම සඳහා වහාම පියවර ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments