21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeක්‍රීඩා පුවත්ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ පහසුකම් සඳහා ජාතික ඔලිම්පික් කමිටුව ඇස්තමේන්තු කළ...

ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ පහසුකම් සඳහා ජාතික ඔලිම්පික් කමිටුව ඇස්තමේන්තු කළ සියලු මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලාංකේය කණ්ඩායමට අදාළ පහසුකම් ලබාදීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරිපත් කළ ඇස්තමේන්තුවට අදාළ මූල්‍ය ප්‍රතිපාදනයන් එම කමිටුව වෙත ලබා දී තිබෙන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පෙන්වා දෙයි.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ඇඳුම් (Competition kit) ලබා දී නොමැති බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සම්බන්ධයෙන් අදහස් පළකරමින් අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මේ බව අවධාරණය කළේය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටු නිර්දේශ මත තරගාවලි සම්බන්ධ සියලු කටයුතුවල සංවිධානය සිදු වන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ ඊට අදාළ වගකීම දරනුයේ ජාතික ඔලිම්පික් කමිටුව බවත් හෙතම සඳහන් කරයි.

ඒ අනුව, මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවීමට අදාළව ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුවට අනුව අනෙකුත් අදාළ පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ජාතික ඔලිම්පික් කමිටුවට ලබා දී තිබේ.

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති පූර්ව සූදානම් රැස්වීමේ දී ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ක්‍රීඩා තරග ඇඳුම් සඳහා අනුග්‍රාහකත්වය සම්බන්ධව කරුණු ඉදිරිපත් විය. එම සාකච්ඡාවට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා ද එක්ව සිටියේ ය.

අදාළ සාකච්ඡාවේ දී ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා තරගවලට අවශ්‍ය ඇඳුම් සඳහා පෞද්ගලික ආයතනයක අනුග්‍රාහකත්වය ලබා දී ඇති බව ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් විසින් කරුණු දැක්වූ බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගීවීමට ආරාධනා ලැබූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වෙමින් ශ්‍රී ලාංකේය කණ්ඩායම දිරි ගන්වමින් තරග ඉසව් කිහිපයක් නැරඹීමට ද එක්වූයේය.

එසේම  අමාත්‍යවරයා ජපානයේ  සංචාරය කරන අතරතුර දෙරටේ සහයෝගීතාව ශක්තිමත් කරමින් ද්වි පාර්ශ්වීය සාකච්ඡා කිහිපයකට ද එක්විය.                                    

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාට එම සංචාරය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මුදල් ප්‍රතිපාදන වෙන් නොකළ බව අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා තහවුරු කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments