24.6 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්බැංකු ගිණුම් පහක් පවත්වාගෙන යමින් රුපියල් බිලියන හයක් ළඟ තබාගත් කාන්තාවක් මත්ද්‍රව්‍ය...

බැංකු ගිණුම් පහක් පවත්වාගෙන යමින් රුපියල් බිලියන හයක් ළඟ තබාගත් කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(28) හතළිස් එක් හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය දෙහිවල පදිංචිකාන්තාවක්.

ඇය මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගිණුම් පහක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගැනීම සම්බන්ධයෙනි. මෙම ගිණුම් පහට සම්බන්ධව ඉකුත් වසර හතර තුල මුදල් රුපියල් කෝටි හයසියක් පමණ සංසරණයවී ඇති බවට වාර්තාවෙනවා.
ඇය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මුදල් විසුද්ධිකරණ පනතේ ප්‍රතිපාදන යටතේයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය මගින් මෙම තොරතුරු ලබාදීමෙන් අනතුරුවයි විමර්ශන සිදුකර තිබෙන්නේ. මෙම කාන්තාවගේ ගිණුම්වලට මුදල් බැර කිරීම් සිදුකළ පුද්ගලයින් සොයා බැලීමේදි ඔවුන් ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින් වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ඇති බවට කරුණු හෙළිවි තිබෙනවා. මුදල් විසුද්ධිකරණ පනතඅනුව නීති විරෝධි ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා.එවැනි නීතිවිරෝධි ක්‍රියාකාර කමකට මෙය මුදල් විසුද්දි කරණ පනතට ගැනෙන වරදක් වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමත් එවැනි වරදක්. එසේ මුදල් ගනු දෙනු කරන පුද්ගලයින් එම මුදල්වලින් ලබාගත් නිශ්චල හා චංචල දේපළ පොලිස් භාරයට ගැනීමටත් පසුව ඒවා තහනම් කිරීමටත් හැකියාව තිබෙනවා. තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන පරීක්ෂණ පවත්වනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments