29.1 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්නිතීවිරෝධි මත්පැන් හා කේරළ ගංජා, ගිනි අවි ළඟ තබා ගත් අය ,...

නිතීවිරෝධි මත්පැන් හා කේරළ ගංජා, ගිනි අවි ළඟ තබා ගත් අය , වැලි පැටවු ජාවාරමුන් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ඉකුත් දිනවල සිදුකළ මෙහෙයුම්වලදී නීතිවිරෝධිව අවිආයුධ ළඟ තබාගත් පුද්ගලයින්.නිතීවිරෝධි මත්පැන් හා කේරළ ගංජා ළඟතබා ගත් අය , වැලි පැටවු ජාවාරමුන් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මොරටුවකඳවුරේ නිලධාරි කණ්ඩායමක්(28) මොරටුව පොලිස් වසම් මහා විහාර පාර ලක්ෂපතියේ නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 15,000ක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත.
තංගල්ල කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් වීර කැටිය පොලිස් වසමේ වැටලීමක් කර මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම විශේෂ කාර්ය බලකාය කැබිතිගොල්ලෑම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී මැදවච්චිය පොලිස් වසමේ මූණමල්ගහවැව රජයේ රක්ෂිතය තුලදී කැටපිලර් යන්ත්‍රයක් යොදාගෙන කැලෑව හෙලිපෙහෙලි කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී වැලිගම පොලිස් වසමේ ගුරුබැදිග ප්‍රදේශයේදී කේරළ ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදි යතුරු පැදියක්, ඉලෙක්ට්‍රොනික් තරාදියක්,ජංගම දුරකතනයක්, රුපියල් පන්දහසේ නෝට්ටු තුනක්, රුපියල් දහසේ නෝට්ටු පහක් අත්අඩංගුවට ගෙන ඇත. තවද විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන් සමන්තුර පොලිස් වසමේ කොක්නහර ඇළ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී පුද්ගලයකු සමග වැලි පුරවන ලද කැන්ටර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව කල්මුණේ සයින්දමරදු 07 ප්‍රදේශයේ වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් එකක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. අරන්තලාව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මහඔය පොලිස් වසමේ පුලාවේලි ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වැලි පටවිමින් සිටි පුදගලයකු සමග ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments