26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කලක් මුළුල්ලේ කරගෙන ගිය ව්‍යාපෘතිවල තිබෙන...

කලක් මුළුල්ලේ කරගෙන ගිය ව්‍යාපෘතිවල තිබෙන විශාල වාහනවල ඉන්ධන සොරාගන්න මහා පරිමාණයේ ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගනී.

වේයන්ගොඩ වඳුරව අතර මධ්‍යම අධිවේගි පිවිසුම් මාර්ග ව්‍යාපෘති වැඩබිමේ වාහනවලින් ඉන්ධන සොරකම් කිරීමේ කාලාන්තරයක් මුළුල්ලේ ගෙන ගොස් තිබෙන සැලසුම්සහගත මහාපරිමාණ ඉන්ධන ජාවාරමක සුලමුල හෙලි කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ.

මෙම ඉන්ධන ජාවාරම වාහන පහක් යොදාගෙන ඉතා සැලසුම් සහගතව කිසිවකුට සැකයක් නොසිතන පරිදි කාලන්තරයක් මුළුල්ලේ සංවිධානාත් මකවට කරගෙන ගොස් තිබෙන අතර මීට පෙරද මෙවැනි ව්‍යාපෘතිවල වාහාන වලින් මෙසේ ඉන්ධන සොරාගෙන ඇති බවටද කරණු හෙලිවෙමින් පවති. මෙම ව්‍යාපෘතියේ වාහන මුලින් සාකච්ඡා කරගත් පරිදි ගෙන්වාගෙන එම ස්ථාවලදි මෙම ජාවාරමුන් විසින් කැබිරථයකට ටැංකියක් සවි කරගෙන ව්‍යාපෘතියේ වාහනවලින් තෙල් ලබාගැනීම සිදුකරයි. මෙම කැබ්රථයට සවිකර තිබෙන ටැංකියට එක්වරකට ඉන්ධන ලීටර් දහසක් පිරවීමේ හැකියාව ඇත. මෙහි හෝස් පවර් තුන්කාලේ මෝටරයක් සවිකර තිබේ. අවුට්පුට් එක අඟලක්වේ. විනාඩි දෙකකදි ඉන්ධන ලීටර් පනහක් මේ මගින් ඇද ඇත. මෙසේ සකස් කරගෙන තිබෙන කැබ්රථ දෙකක් තිබෙන ඉන් දිනකට තෙල් ලීටර් දෙදහසක් පමණ අදින්න කටයුතු යොදා ඇත. මේ සමාගමට ඉන්ධාන සොරකම නිසා පාඩුව රුපියල් ලක්ෂ හැටහයක් පමණවේ.

ජාවාරමුන් විසින් මේ ව්‍යාපාතියේ වාහනවල අංක සියල්ල ලබාගෙන රියැදුරන්ද සම්බන්ධ කරගෙන එම වාහන වැඩබිමෙන් පිටවු ගමන් රියැදුරන්ට දුරකතන ඇමතුම් ලබාදී විශාල වාහන ගෙන්වා ගන්නවා. එහිදි ලබාගන්නා තෙල් ප්‍රමාණය සඳහන් කරගන්න මීටරයක්ද තිබෙනවා. ඒ විශාල වාහන වලින් එළියට ගත් තෙල් ලීටර ප්‍රමාණ අනුව ජාවාරමුන් රුපියල් පනදහසේ හා දහසේ නෝට්ටු මිටි ගණන් අතේ තබාගෙන රියැදුරටන්ට ගෙවනවා. මේ ජාවාරම් කාලාන්තරයෙක් තිස්සේ කරගෙන ගිය එකක් බවට කරුණු තහවුරුවී තිබේ.

මෙම වැටලීම ලැබුණු තොරතුරක් අනුව ඉකුත්(31)රාත්‍රීයේදි විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරින් සිදුකර තිබේ. ජාවාරමේ මහා මොළකරුවන් මොණරාගල පදිංචිකරුවන් වන අතර මෙහි ප්‍රධානියාගේ ගෝලයකු ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු සමග ඉන්ධන පුරවන ලද බවුසරය ද තවත් වාහන 5ක් ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම්.සි.ජි.කියන අධිවේගි මාර්ගය ඉදිකරන මෙම ව්‍යාපෘතියේ ඉන්ධන සොරකමක් වන බවට විශේෂ පොලිස් කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව මෙම ජාවාරමේ සුලමුල සොයාගෙන තිබෙන අතර මේ සදහා සංවිධානාත්මකව මේ පිළිබද කිසිවකුගේ අවධානයට ලක් කෙරෙනවානම් ඒ ගැන සෙවීමට යතුරු පැදි කල්ලි, පිහි ,කැති ආයුධ සමග ත්‍රීරෝද කල්ලිද මේ ජාවාරමේ රැකවරණයට යොදවා තිබි ඇත.

මෙම මෙහෙයුම පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම මහා පරිමාණයේ ඉන්ධන ජාවාරම වැටලීම ගෝනහේන පසුමූලස්ථාන කඳවුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ නායකත්වය යටතේ සහකාර පොලිස් අධිකාරි විජේසිංහ, කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.කේ. මාරසිංහ, පොලිස් පරීක්ෂක විරක්කොඩි ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මීට එක්ව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments