21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්කොවිඩ් ප්‍රශ්නය නිසි ලෙස කළමනාකරණය කරන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. ස.ජ.බ. කියයි.

කොවිඩ් ප්‍රශ්නය නිසි ලෙස කළමනාකරණය කරන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. ස.ජ.බ. කියයි.

අදවනවිට මේ රටේ ඉතා සීඝ්‍රතාවයකින් කොරෝනා ව්‍යප්ත වෙලා ඒ වගේම ඉන්දියාවේ ප්‍රභේදයත් පැතිරෙමින් යනවා සෞඛ්‍ය අංශ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වගේම බස්නාහිර පලාතේ බහුලව තිබෙනවා කියලා එය ඉතා අනතුරු දායකයි පසුගිය සතියේ ජූලි 26 වෙනිදා රෝගින් 1563ක් හා මරණ 47 ක් සිදුවෙලා ඒ අකාරයට සතියක් තුල හමුනව රෝගින් හා මරණ සංඛ්‍යාව වැඩි වෙලා 30 වෙනිදා වන විට රෝගින් 2455ක් හා මරණ 56ක් දක්වා වැඩි වෙලා මේ සංඛ්‍යා ලේඛණ පිලිගන්න බැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා එසේනම් ජනතාව කොහොම පිලිගන්න ද ගිය සතිය තුල අසාදිතයන් 10000කට ආසන්න හමුවෙලා ඒ වගේම දිනකට මරණ 50කට වැඩිය සිදුවෙලා දිනකට 50ක් මිය ගියොත් මාසයකට 1500ක් මියයනවා එසේ ආසාදිතයින් හා මරණ වැඩි වෙද්දී ආණ්ඩුව කියනවා සෞඛ්‍ය මාර්ගඋපදේශය පිලිපදින්න කියලා එන්නත් ලබා ගන්න කියනවා අපි දන්නවා දෙවන මාත්‍රාව ගත් උදවියත් අසාදිතයන් වෙලා තිබෙනවා ඒ කියන්නේ මාත්‍රාව විතරක්ම මෙයට විසදුමක් නෙමෙයි එසේ තිබියදී ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරනවා එය මීට පෙර චක්‍රලේඛ ඉවත් කරලා රාජ්‍ය සෙවකයින් සියළු දෙනා රාජකාරියට එන්න කියලා මේ වනවිට රජය කෝවිඩ් නීති එක එක ආකාරයට පනවා තිබෙනවා එය මගුල් ගෙවල් මල ගෙවල් නොයෙක් උත්සව සදහා ඒ වගෙම ප්‍රවාහනයේ ගමනා ගමනයේ දී එම නීති පිලිපදින්න කියලා ආණ්ඩුව කියනවා එමෙහ කියද්දි තමයි ජනාධිපති ලේකම් නිවේදනයක් නිකුත් කරන්නේ සියලු සේවකයන්ට වැඩට එන්න කියලා එහිදී තිබෙන ගැටලුව ආණ්ඩුවේ සෞඛ්‍ය අංශයයි ජනාධිපති ලේකම් නිකුත් කරන නිවේදනයයි අතර පරස්පරයක් තිබෙන බව සියලු සේවකයන්ට වැඩට එන්න කිව්වම විශාල පිරිසක් කොළඹට එනවා අපි දැනටත් දන්නවා ප්‍රවාහනයේ දී කිසිම ආකාරයට සෞඛ්‍ය නීති පිලිපදින්නේ නැහැ එසෙන්ම් තවත් විශාල පිරිසක් කොළඹට ගෙන්වා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ තවත් කෝවිඩ් රෝගින් හා මරණ වැඩි කරන්න ද මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තියද අනිත් දේ මේ අකාරයට 2000ට අධික රෝගින් හමුවෙන්නේ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අඩු කරලා ආණ්ඩුව මේ ඉන්නේ කොවිඩ් රෝගින් වැඩි කිරීමේ ප්‍රතිපත්ති යේද .

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී විජේරත්න මහත්මිය .
නැවතත් රට තුල කොවිඩ් දැවැන්ත විදියට හිස ඔසවලා ඒ බව වෛද්‍යවරුන් අනතුරු අගවා තිබෙනවා ඩෙල්ටා ප්‍රභේදයත් හැමතැනම පැතිරෙමින් යනවා ඊයේ දිනයේත් රෝගීන් 2000කට වඩා හමුවෙලා ඒ වගේම මරණ 60කට වැඩිය සිදුවෙලා එසේ තිබියදී සියලු රජයේ සේවකයන් රාජකාරියට කැදවලා මේ වගේ අවස්ථාව කොහොමද ඒ අය රැකියාව සදහා එන්නේ බොහෝ අයට පුද්ගලික වාහන නැහැ පොදු ප්‍රවාහනය තමයි තිබෙන්නේ එහි 50% රැගෙන යන්න අවස්ථාව තිබෙන්නේ ඒ වගේම දුමරියේ සේවයට එන අය දැනටත් එන්නේ තද වෙලා අපි අහනවා අවශ්‍ය තරම් ප්‍රවාහනය සකස් කර තිබේද කියලා එසේ නොකර සේවයට වාර්තා කරන්න බැහැ.

මේ වනවිට එන්නත් ලබා නොගත් රියදුරන් හා කොන්දොස්තරවරුන් බස් වල එන්න එපා කියලා මේච්චර කෝවිඩ් අවදානමක් තියාගෙන රාජ්‍ය සෙවකයින් ගෙන්වන්නේ පාරට බැහැලා ඉන්න ගුරුවරුන් මර්දනය කරන්න ද

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments