තිරික්කෝවිල් පොලිස් සථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් අක්කර පත්තු නගරයේ කොමිනියුකේෂන් ආයතනයක පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපිලේඛන සකස් කරන මූලස්ථානයක් වටලා පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරවා පරිගණක යන්ත්‍රයක්, ලැප්ටොප් එකක්, ඇතුළු භාණ්ඩ 26ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. මෙහි විවිධ පුද්ගලයින් ලිපි ශීර්ෂ , ලේඛන තිබු බවට වාර්තාවෙනවා. පරිගණකය තුලද විවිධ මෘදු ලිපිශීර්ශ තිබි තියෙනවා. මේ සම්බන්ධයෙන් තිරික්කෝවිල් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
විශේෂයෙන් මේ දිනවල ව්‍යාජ ලිපිලේඛන සකස් කර විවිධ කටයුතු සඳහා යොදාගන්න අවස්ථාව අපි දැක තිබෙනවා. මීට දින කිහිපයකට පෙර දිගන ප්‍රදේශයේ බැංකුවක ශිර්ෂ සහිතව ලිපි කුරුණෑගල ප්‍රදේශයේ ෆිනෑන්ස් ආයතනයක් වෙත පුද්ගලයකු විසින් ලබාදී තිබුණා. ව්‍යාජ ලිපි ලේඛන සකස් කොට. එමෙන්ම ව්‍යාජ හැඳුනුම්පත්, රියබලපත් හා ව්‍යාජ ලිපි සකස් කරන බවට වාර්තාවෙනවා. කූඨ ලේඛන සකස් කිරීම ලංකාවේ නීතිය අනුව බරපතල වරදක්. එය බරපතල වැඩ සහිතව සිරගතවිය හැකි වරදක්. මේවනවිට ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමට බුද්ධි අංශ නිලධාරි යොදා තිබෙනවා.