21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅධ්‍යාපන කටයුතු ඇනහිටීමෙන් විශාලම පාඩුව අද ඇතිවෙලා තිබෙන්නේ සමාජයේ වරප්‍රසාද නැති දුෂ්කර...

අධ්‍යාපන කටයුතු ඇනහිටීමෙන් විශාලම පාඩුව අද ඇතිවෙලා තිබෙන්නේ සමාජයේ වරප්‍රසාද නැති දුෂ්කර පළාත්වල පවුල්වල දූ දරුවන්ටයි. ඇමැති මහාචාර්ය ජී. .ඇල්.පීරිස්

ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විස්තර සහිතව සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමටඋපරිම උත්සහයක් ගන්නවා. අධ්‍යාපන කටයුතු ඇනහිටීමෙන් විශාලම පාඩුව අද ඇතිවෙලා තිබෙන්නේ සමාජයේ වරප්‍රසාද නැති දුෂ්කර පළාත්වල පවුල්වල දූ දරුවන්ට. දැන් මේකෙන් ජනිත වන්නේ සමාජීය අසාධාරණත්වයක්.යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා කියයි.

දැන් මේ සියලුම දරුවන් පෙනි සිටින්නේ පොදු විභාගවලටයි. ඒ විභාග පැවැත්වීමට දින ද නියම කර තිබෙනවා. මේ තත්වය තුළ ප්‍රමුඛ අවශ්‍යතාවය තමයි අපේ රටේ සෞඛ්‍ය නිර්දේශවලට නිරන්තරයෙන් යටත්වෙමින් හැකිතාක් ඉක්මණින් පාසැල් විවෘත කිරීමයි. ඒක මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. එසේ කිරීම සඳහා යම් යම් පියවර ගත යුතුයි. ප්රගථම පියවර තමයි අපේ ගුරුවරුන්ට හා පාසැල්වල සේවය කරන අනද්යඑන කාර්ය මණ්ඩලයට පාසැල් විවෘත කිරීමට පෙරඑන්නත් ලබාදීම. දැන් අද උදේ වන විට අපේ රටේ ගුරුවරුන් හා අනද්ය්න කාර්ය මණ්ඩලවලට 83% ට පළමු මාත්රානව ලබාදී තිබෙනවා. බස්නාහිර පළාතේ 98% ක් ද ඌව පළාතේ 95% ද මධ්ය3ම පළාතේ 84% ද වයඹ පළාතේ 84% ද උතුරු මැද පළාතේ 83% ද දකුණු පළාතේ 83% ද උතුරු පළාතේ 82% ද නැගෙනහිර පළාතේ 74% ද සබරගමු පළාතේ 52% ක් පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. අගෝස්තු මාසයේ අවසානයට පෙර දෙවන මාත්‍රාව අනිවාර්යයෙන් මේ සියලු දෙනාටම ලබා දෙනවා. ඉන්පසු රටේ පාසැල් විවෘත කරන්න පුළුවන් තත්වයක් තිබෙනවා.

රජයේ දැන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා සියලුම රාජ්යස නිලධාරීන් කාර්යාලයට පැමිණෙලා සාමාන්‍යපරිදි නිල කටයුතු කරන්න කියලා. මෙම පසුබිම තුළ මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා ගුරුබවතුන්ගෙන් පාසැල්වලට පැමිණිලා ඒ පාසැල් විවෘත කිරීම සඳහා අවශ්ය පෙර සූදානම් කටයුතුවලට යෙදෙන්න කියන ආයාචනය තමයි මම ඉතා කාරුණිකව අධ්යාමපන ඇමතිවරයා හැටියට ගුරුබවතුන්ගෙන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

ප්‍රායෝගික වශයෙන් දෙවන මාත්‍රාව අගෝස්තු මාසයේ අවසානයේ දි ලබාදුන් පසු සෑම විටම සෞඛ්ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව පාසැල් විවෘත කිරීමේ හැකියාව තිබෙනවා. අපේ රටේ මුළු පාසලේම ළමයින් 50 ට අඩු පාසැල් 1439 ක් තිබෙනවා. 51 හා 100 දරුවන් සිටින පාසැල් අපේ රටේ 1523 ක් තිබෙනවා. මුළු රටේම පාසැල් දහදහස් එකසිය හැටපහක් පමණ, ඒ අතුරින් සම්පූර්ණ පාසැලේ ළමයින් 100 ට අඩුවෙන් ඉන්න පාසැල් 2962 ක් අපේ රටේ තිබෙනවා. දිගින් දිගටම මාසයෙන් මාසයට මේ පාසැල් වසා දමා තිබෙනවානම් ඒ තුළින් අපේ සිසු දරුවන්ට සදාකාලිකව මුළු ජිවිතයටම බලපාන පාඩුවක් සිදුවෙනවා. එම නිසා ප්රිථම පියවරහැටියට මේ පාසැල් විවෘත කරලා ඉන්පසුව ක්‍රමානුකූල සැලැස්මක් මත පියවරෙන් පියවර සෙසු පාසැල් විවෘත කිරීම රජයේ අභිලාශය වෙලා තිබෙන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments