වියාලේන්න් මහතා සිදුකළ ඉල්ලීමක් මත නිවාස ඉදිකිරීමේ අමාත්‍යාංශය හා නිවාස සංවර්ධන අධිකාරියේ සහයෝගය මගින් මඩකලපුව දිස්ත්‍රික්කයේ දිළිදු පවුල් 22ක් සදහා රුපියල් ලක්ෂ 22 ප්‍රදානය කරන ලදී.එක පවුලක් සදහා රුපියල් ලක්ෂය බැගින් ලබාදීම රාජ්‍ය ඇමැති වියාලේන්ද්‍රන් අතින් එරාවූර් ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේදී සිදුකළේය.
මෙම අවස්ථාවේදී පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් අදහස් දක්වමින් පැවසූවේ මෙම ව්‍යාපෘතිය මාස 3ක් වැනි කාලකින් නිමකිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල තාක්ෂණික නිලධාරීන් මෙම ව්‍යාපෘතියන් නිරීක්ෂණය සදහා යොදා ගන්නා බවත්ය.
මෙම අවස්ථාව සදහා එරාවූර් ප්‍රාදේශීය ලේකම් රාජ්බාහු මහතාද නිවාස සංවර්ධන අධ්කාරියේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධානී ජෙගනාදන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.