26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedපොලිස් විශේෂ කාර්ය බලකාය රාගම නිවසකින් කේරළ ගංජා කිලෝ දහයකට වැඩි ප්‍රමාණයක්...

පොලිස් විශේෂ කාර්ය බලකාය රාගම නිවසකින් කේරළ ගංජා කිලෝ දහයකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගනී.

රාගම පොලිස් වසමේ ලන්සියා වත්ත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමට ලක් කරන ලද අතර එහිදී එම නිවසේ ඇඳක් යට සුක්ෂම ලෙස සඟවා තබන ලද කේරල ගංජා කිලෝග්‍රෑම් 10.269g ප්‍රමාණයක් වෙළඳාම සහ සන්තකේ තබා ගැනීමෙි වරදවල් යටතේ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානයට භාර දෙන දී තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා වයස අවුරුදු හතළිහක පුද්ගලයෙකු වන අතර මොහු මෙම නිවසේ කුලී පදනම මත රැඳී සිටිමින් මෙම ජාවාරම කලක සිට සිදුකරගෙන ගොස් ඇතැයි බුද්ධි අංශ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 17 කට අධික ප්‍රමාණයක් බව අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්‍රකාශ කර ඇත .

‍ෙවිශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජේෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතා ගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.කේ.කේ. මාරසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් (04) දින අලුයම 04.30ට පමණ මෙම වැටලීම සිදුකර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments