ගුරුවරයා යනු ජාතියේ පෙරගමන් කරුවෙකි. දිසාපාමොක් පරපුරෙන් පැවත එන්නකී. එහෙත් අද කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවත් නොතකා ඔවුන් මහා පාරට බැස ඇත. එය ජාතියේ අවාසනාවකී. අනාගත පරපුරට විශාල හානියකී. එමෙන්ම රජයටද මහත් අවමානයකී.
කරුණ මෙසේ හෙයින් ගුරු විදුහල්පති වැටුප් විසමතාවය අරමුණු කරගෙන මහමඟට බැස අරගල කිරීම, විරෝධතා දැක්වීම කණගාටුවට කරුණකි.
රටේ ජාතියේ ප්‍රශ්න ගැටලු පිළිබඳ මනා වැටහීමක් හා අත්දැකීමක් ඇති අපට පවත්නා තත්ත්වය තේරුම් ගැනීම අපහසුවක් නොවේ. මෙම අවස්ථාවේ ඇතැමුන් ඇවිලෙන ගින්නට පිදුරු දැමීමටඋත්සහ කළත් අපට අවශ්‍ය වන්නේ ගින්න නිවා දැමීම පමණි. එය එතරම් පහසු කරුණක් නොවන කවුරුත් දන්නා කරුණකී. මෙය අද ඊයේ ඇතිවු ගැටලුවක් නොවේ. ගුරුසවිය සංවිධානයේ එකම අරමුණ සටන් කළ යුතු තැන සටන් කිරීම හා හළ යුත්ත හැලීමත්ය. කළ යුත්ත කිරීමත්ය.
ගුරු විදුහල්පති ප්‍රශ්නය පිළිබඳ අප එකාමෙන් සටන් වැදිය යුතුව තිබුණත් යුගයේ අවශ්‍යතාවයමත එය කළ හැක්කක් නොවේ. එනම් අද රටේ පවත්නා ගෝලීය වසංගත තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානය යොමුඛ යුතු කාලයක් බැවිනි. ඒ අන් හේතුවක් අපේ රට ආරක්ෂා කර ගැනීමටත් නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමටත් ඔබතුමාගේ සෞභාග්‍ය දැක්ම තවදුරටත් සාර්ථක කරදීමටත් වේ.
දිසාපාමොක් පරපුර මහමගට ඇද දැමීම සුභවාදි නොවනු ඇත. පවත්නා තත්ත්වය විසඳාගෙන අනාගත දරුපරපුර ආරක්ෂා කර ගැනීම අප සතුකාර්යකී.මේ පිළිබඳ සාකච්ඡා කොට කිසියම් නිගමනයකට එළඹීම අපි අපේක්ෂා කරන නිසා ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන්නේ නම් ඉදිරියේදී ඇති විය හැකි අප්‍රසන්නකාරි තත්ත්වය බොහෝදුරට මගහරවා ගැනීමට හැකිවනු ඇති බව විශ්වාස කරමු.