ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය මේ විටත් පෞද්ගලිකරණය වී ඇත. එහෙත් එහි ප්‍රතිඵලයක් ලෙස අපි දකිනුයේ රටේ බහුතර දෙමාපියනට තම දරුවන්ගේ අධ්‍යාපනය මහා ආර්ථික බරක් බවට පත්ව ඇති අයුරුය. ආර්ථික දිළිඳුකමින් පීඩා විඳින බහුතරයක් ජීවත්වන මෙවන් රටකට අවශ්‍ය වනුයේ එම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකින නිදහස් අධ්‍යාපනය වඩ වඩා තහවුරු කරන පියවරයන් මිස, එය තර්ජනයට ලක්කරමින් පුද්ගලිකරණය කරන දිසාවට යොමුවන පියවරයන් නොවේ. රජය සම්මත කර ගැනීමට සූදානම් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නිදහස් අධ්‍යාපනයට එවැනි තර්ජනයක් එල්ල කරන බව ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය දකින බැවින් එය හකුලා ගන්නා ලෙන අපි රජයට බල කර සිටිමු.
එමෙන්ම එම පනතට අප විරෝධය දක්වන තවත් කරුණක් වනුයේ මෙම පනත අනුව දැනට පවතින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්ව විද්‍යාල පද්ධතියට සමාන්තරව මිලිටරි පාලන ව්‍යුහයක් යටතේ සිවිල් සිසුන් විවිධ විෂ්‍ය ධාරාවන් හදාරන උසස් අධ්‍යාපන පද්ධතිය රටතුල බිහිවීමේ අන්තරාවයි.