විශේෂ පොලිස් කාර්ය බලකාය
ඉකුත් දෙදින තුල සිදුකර තිබෙන
වැටලීම්වලදී නීතිවිරෝධි
මත්ද්‍රව්‍ය,නිධන් හෑරීම්,වැලි හෑරීම්,ගජමුතු ප්‍රවහනය කළ
සිදුකළ පුද්ගලයින් හා එම
උපකරණ රැසක් අත්අඩංගුවට
ගෙන ඇත.
එහිදි ගලිගමුව බස්
නැවතුම්පොළේදි සිදුකළ
මෙහෙයමුකදී ගංජා කිලෝ හයක්
හා ග්‍රෑම් හාරසිය විස්සක් ළඟ
තබාගෙන සිටි පුද්ගලයකු
අත්අඩංගුවට ගෙනඇත. මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී කසිප්පු මිලි ලීටර් හත්දහස් පන්සීයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයකු වන රත්මලානේ අංජු යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදි සිටිස ජූඩ් ප්‍රියන්ත, ධර්මේ යන සමග මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයකු අයිම් ග්‍රෑම් එකසිය හතරයි මිලිග්‍රෑම් හත්සිය විස්සයි, කේරල ගංජා කිලෝ දෙකයි,ග්‍රෑම් එකසිය දහයයි, ජංම දුරකත දෙකයි,ඉලෙක්ට්‍රොනික් තරාදි එකයි, කඩු එකයි, යතුරු පැදි එකයි, එහි ස්විච් යතුරු එකක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙවැනිම තවත් මත්ද්‍රව්‍ය හවුල් ජාවාරම්කරුවෙකු හෙරොයින් ග්‍රෑම් තිහක්,මිලිග්‍රෑම් හත්සිය විස්සක්, කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් නවසිය තිස් හතක්, මුදලින් රුපියල් පනස්තුන්දහස් හයසීයක් අත් අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම ගොඩකවෙල පොලිස් වසමේ අක්කර පනහ ඌරාලිදිවත්ත ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ගජමුතු සන්තකයේ තබා ගත් ප්‍රවහනය කළ පුද්ගලයින් දෙදෙනකු ත්‍රීරෝද රථයක් සමග අත් අඩංගුවට ගෙන ඇත.
විශේෂ පොලිස් කාර්ය බලකාය
පස්සර පොලිස් වසමේ
මඩුගස්තලාව, කන්ඇටියමුල්ල,
කදුර, ගල්ටංමංඩිය ප්‍රදේශයේ දී
වැටලීමක් සිදුකර පුරාවස්තු සෙවීම
සදහා රක්ෂිත ප්‍රදේශයේ කැණීම්
කරමින් සිටි (නිධන් හෑරීම)
පුද්ගලයින් 07 දෙනෙකු
අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන කටයුතු සඳහා පස්සර
පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පුස්කොළ පොත්
01 යි,02 kgක් බර ඇති
පහත්අපුපුරණ ද්‍රව්‍ය අඩංගු පැකට්
01 යි,අඩි 98 ක් දිග වයර්
01 යි,රොටර් හැමර් යන්ත්‍ර
01 යි,යකඩ අලවංගු
02 යි,උදළු 02 යි,ඉල්ලම්කූරු
01 යි,කුළු ගෙඩි
01 යි,තාච්චි
01 යි. මෙහිදි අත්අඩංගුවට ගෙන
තිබේ.
විශේෂ කාර්ය බලකාය කන්තලේ
කඳවුරේ නිලධාරීන්ට ලැබුණු
තොරතුරකට අනුව නිලධාරීන්
කණ්ඩායමක් (05) වන දින
කන්තලේ පොලිස් වසමේ වැව්
රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක්
සිදුකර ඇත.
එහි දී පැය 1235 ට සැකකරුවන්
නොමැතිව ඡීව උණ්ඩ තොගයක්
සොයාගෙන වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා කන්තලේ පොලිස්
ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට
කන්තලේ පොලිස් ස්ථානයට ඇති
දුර කි.මී. 07 ක් පමණ වේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) T – 56 ඡිව
උණ්ඩ 98 යි
2) බෝර 12
වර්ගයේ පතුරම් 02 යි.