ළමුන්ගේ අශීල දර්ශන අන්තර්ජාලයට ඒ වගේම සයිබර් අවකාශයට මුදාහැරීම සම්බන්ධයෙන් විසිපස් හැවිරිදි තරුණයෙක් ඊයේ(06) රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබෙන බවජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.
එම පුද්ගලයා (07) අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ළමා කාන්තා කාර්යාංශයේ විශේෂ ඒකකයක් තිබෙනවා අන්තර්ජාලයට ළමුන් සම්බන්ධයෙන් මේ ආකාරයට උඩුගත කරන නැතහොත් අප්ලෝඩ් කරන වීඩියෝපට ඡායාරූප අධික්ෂණය කිරීම සඳහා පසුගිය ජූලි 17 සිට මේ ආකාරයට කටයුතු කරන අයගේ තොරතුරු සොයන්න ඒ අනුව මෙසේ සිදුකරන රැසකගේ තොරතුරු සොයාගෙන තිබෙනවා. ඉන් පළමු පුද්ගලයායි අත්අඩංගුවට ගත්තේ. අනෙක් අය ඉදිරි සතියේදි අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා.