අඟහරුවාදා, මාර්තු 3, 2026
HomeTOPමාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ලංකාවේ අශේන් පුතා යාත්‍රාවේ මත්කුඩු තොගයක්....

මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ලංකාවේ අශේන් පුතා යාත්‍රාවේ මත්කුඩු තොගයක්….

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමඟ ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයිනේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව මෙම බහුදින ධීවර යාත්‍රාව කොටු කරගෙන ඇතැයි කියති.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ ශ්‍රී ලාංකිකයන් 6 දෙනකුද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම යාත්‍රාව මත්ද්‍රව්‍ය රැගෙන මාලදිවයින මුහුදු සීමාව ඔස්සේ මෙරටට ගමන් කිරීමට සැලසුම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බවට සැක කෙරෙන අතර එම මත්ද්‍රව්‍ය තොගය දකුණු මුහුදු තීරයට ගෙන ඒමට සැලසුම් කරන්නට ඇතැයි සැක කෙරේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙරටට ගෙන ඒම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments