වසර 04කට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය ඉකුත් වසරේ පැවැත්වීමට සැලසුම්කර තිබූවත් ගෝලීය වශයෙන් ලෝකයම වෙලාගත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2020 ඔලිම්පික් උළෙල වසරකින් කල්දැමීමට ඔලිම්පික් බලධාරින්ට සිදුවිය.
ආසියාවේ ප්‍රමුඛයා වෙමින් දෙවැනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය හිමිකරගත් ජපානය, වසරකින් කල් දැමූ ඔලිම්පික් උළෙල මෙවර දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් පවත්වූයේය.
ඒ අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භය රාජ්‍ය නායකයින් 15 දෙනෙකු සහ සම්භාවනීය අමුත්තන් දහසකට සීමාකරමින් ඉතා විචිත්‍රවත් අන්දමින් සනිටුහන් කිරීමට ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් සමත්වූහ. සමාප්ත උළෙලද ඉතාම ආකාර්ශණීය ලෙස පැවැත්විණි.
2020 ගිම්හාන ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට ටෝකියෝ ඔලිම්පික් බලධාරින් කටයුතු යොදා තිබිණි. දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට අනුගතවෙමින් ජෛව ආරක්ෂිත බුබළක් යටතේ ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූහ.
ලෝකයේ රටවල් 200කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11,000කට අධික පිරිසක් ක්‍රීඩා 46ක් වෙනුවෙන් තරග ඉසව් 339ක් යටතේ පදක්කම් අරභයා මෙවර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරග බිමට ඇතුළත්ව සිටියහ. ඊළඟ උළෙල ප්‍රංශටේ පැරිස් නුවර පැව්තවීමට නියමිතයි.