ශ්‍රී ලංකාව තුල රැඳි සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලු වර්ගයේ වීසාවන්හී වලංගු කාලය අගෝස්තු (08) සිට සැප්තැම්බර් (07) දක්වා දීන තිහකින් දීර්ඝ කෙරේ.
එසේ දීර්ඝ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්ගේ නිවේදනයක් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
ඒ අනුව සංචාරක වීසා දරන්නන් එම වීසා දීර්ඝ කිරීමට අදාළව වීසා ගාස්තු ගෙවීම හා වීසාව පිටසන් කර ගැනීමට eservices.immigration.gov.lk/vs දරණ වෙබ්අඩවියට පිවිස අදාළ ගාස්තු ගෙවා මාර්ගස්ථ ක්‍රමවේදය ඔස්සේ වීසා ලබාගැනීම හෝ (ශ්‍රී ලංකාවට පැමිණි දින සිට උපරිම මාස 6ක් දක්වා), මෙම කාලය තුලදි දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් අදාළ විසා ගාස්තු ගුවන් තොටුපොළ වෙත ගෙවා දිවයිනේ බැහරවීම, ලබන සැප්තැම්බර් (07) දිනට පෙර සංචරණ සීමාවන්ට යටත්ව බත්තර මුල්ල කාර්යාලය වෙත පැමිණ අදාළ වීසා ගාස්තු ගෙවා වීසාව ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම.
එමෙන්ම නේවාසික වීසා දරන්නන් අගෝස්තු (08) සිට සැප්තැම්බර් (07) දින දක්වා වීසා දිර්ඝ කිරීම සියලු නේවාසික වීසා දරන්නන්ටද අදාළවන අතර එදින වීසාව දීර්ඝ කර ගැනීමට රාජකාරි දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.3.00 දක්වා 0707101050 දුරකතන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන සැප්තැම්බර් (07)ට පෙර බත්තරමුල්ල කාර්යාලයට පැමිණ අදාළ වීසා ගාස්තු ගෙවා වීසා පිටසන ලබාගත යුතුයි.