26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කඳානේ ලෙකෝ කාර්යාලයේ සේවකයින් පිරිසකට කොවිඩ්

කඳානේ ලෙකෝ කාර්යාලයේ සේවකයින් පිරිසකට කොවිඩ්

කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි, සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් පිරිසකට නව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ මහතා පවසා සිටියේ, ඊයේ (11) දින රාත්‍රීයේ එම ආයතනය විසින් එහි සේවකයින් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි පැවසු බවය.

ඒ අනුව ඊයේ රාත්‍රීයේම අදාළ කටයුතු සිදුකරනු ලැබු බවත් ඔවුන් ආසාදිතයින් බවට මේ වන විට තහවුරු වී ඇතැයි ද මහජන පරීක්ෂකවරයා පැවසීය.

“සොයා ගත් තොරතුරු අනුව මෙහි සේවක මහතෙකුගේ දියණියක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරලා තියෙනවා. ඇය එහි සේවය කළ බව දැනගෙන තියෙන්නේ පසුගිය 3 වන දා. එදාම ලේකෝ ආයතනය විසින් මෙම සේවක මහත්තයාව අදාළ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයට යවලා නිරෝධායනයට යොමු කරලා තියෙනවා. ඒ අනුව ඔහුව නිරෝධායනය කරාට පසුව මෙහි සේවක මහත්වරු පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කරලා තියෙනවා පසුගිය සිකුරාදා දිනයේ දී. එතන දී යොමු කළ සේවකයින්ගෙන් 12 දෙනෙක් පොසිටිව් වුණා කියලා ලෙකෝ ආයතනය සඳහන් කරලා තියෙනවා.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments