21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්අලුත් මිසයිලයක් සමග කිම් ජොං උන් කරළියට

අලුත් මිසයිලයක් සමග කිම් ජොං උන් කරළියට

උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහභාගි වූ උත්කර්ෂවත් ‘රාත්‍රි හමුදා පෙළපාළියක්’ පසුගිය සෙනසුරාදා (10දා) පැවැත්විණි. මෙම පෙළපාළිය උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ 75 වැනි සංවත්සරය සනිටුහන් කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට මෙම පෙළපාළියේදී මීට පෙර අනාවරණය නොකළ දැවැන්ත දිගු දුර බැලැස්ටික් මිසයිලයක් ප්‍රදර්ශනය කර ඇත. නව මිසයිල හා ආයුධ ප්‍රදර්ශනය කිරීම සඳහා උතුරු කොරියාව සාමාන්‍යයෙන් දැවැන්ත පෙළපාළි සංවිධානය කරනු ලබයි. මෙය වසර දෙකකට පසුව එරට සංවිධානය කෙරුණු මිසයිල සහිත පළමු පෙළපාළිය වන අතර එය එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර පැවැත්වීමද විශේෂත්වයකි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා ජනපති කිම් ජොං උන් 2018 සිය පළමු සාකච්ඡාව පැවැත්වූ දින සිට උතුරු කොරියාව සිය පෙළපාළිවලදී මිසයිල ප්‍රදර්ශනය කර නොතිබිණි. කිසිදු විදේශීය ජනමාධ්‍යයකට හෝ විදේශිකයකුට සහභාගි වීමට ඉඩ නොදුන් මෙම පෙළපාළිය පිළිබඳව මේ වනවිට අනාවරණය වී ඇත්තේ උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කර ඇති දර්ශන පමණකි.

මෙම පෙළපාළිය අතරතුර කිම් ජොං උන් කතාවක්ද සිදුකර ඇත. ඔහු එහිදී සිය ශ්‍රේෂ්ඨ ජාතිය පිළිබඳව උදම් ඇනීමක්ද සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. නව ප්‍රහාරක අවිවලින් සන්නද්ධ සොල්දාදුවන් සහ නවීන ගුවන් ආරක්ෂණ පද්ධතිවලින් සමන්විත හමුදා වාහන රැසක්ද මෙහිදී ප්‍රදර්ශනය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments