මෙරට නිවෙස්හි ගෘහස්ත කම්කරුවන් ලෙස කටයුතු කරන ගෘහ සේවක ප්‍රජාවට ද ඊපිඑෆ් හා ඊටිඑෆ් ප්‍රතිලාභය ඇතුළු වැඩකරන පන්තියට අදාළ කම්කරු අයිතිවාසිකම් ලබාදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ (10) එම අමාත්‍යාංශයේදී පැවැති ගෘහස්ථ කම්කරුවන් අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ආයතන කිහිපයක නියෝජිතයින් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය……………තමන්ගේ ජීවිත කාලයම සමහර විට අන්‍යයන්ගේ ජීවිත සැපවත් කිරීම සඳහා කැප කරන මෙම ගෘහ සේවක සේවාව සුදු අධිරාජ්යලවාදීන්ගේ සමයේ ආරම්භ වුවත්, එම කම්කරු ප්රගජාවගේ සුභසාධනය හා සුරක්ෂාව වෙනුවෙන් මෙතෙක් නිශ්චිත කම්කරු නීති ආවරණයක් නොතිබීම කනගාටුවට කරුණකි. එම නිසා ඉතාම කඩිනමින් මෙම ගෘහස්ථ කම්කරුවන්ට ද කම්කරු අයිතිවාසිකම් ලබාදීමේ නීති සම්පාදනය කරනවා.
ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් පිහිටුවීමට සහ එම ගෘහ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබා දීම සිදු කිරීමට අදාළ පනත් කෙටුම්පත් සංශෝධනය කඩිනමින් අමාත්යා මණ්ඩලයට ඉදිරිපත් කරන බවය.ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල,සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් යන පනත් ද ජාතික අවම වේතන පනත ද අයවැය සහන දීමනා පනත ද සංශෝධනය කරනවා.
එසේම මෙම කටයුතුවලට අතිරේකව මෙම ගෘහ සේවක සේවිකාවන් අලෙවිකරණ බ්‍රෝකර්වරුන් සහ එජන්සිකරුවන් ද තහනම් කළ යුතුයි. එසේම මෙම නීති කෙටුම්පත් ගෙන ඒමේ දී සේවකයාගේ පාර්ශ්වයෙන් මෙන්ම සේවය ලබාගන්නා හාම්පුතාගේ පාර්ශ්වයෙන් ද කරුණු සලකා බලා ඔවුන්ට ද අසාධාරණයක් නොවන පරිදි මෙම නීති කෙටුම්පත් ගෙන එනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේෂ් රාගවන්,Protect Union ආයතනයේ ලේකම් කල්ප මධුරංග ,ගෘහස්ථ කම්කරු සංගමයේ සභාපති එස්.සත්යරවානි,කම්කරු අමාත්යං ශ ලේකම් මාපා පතිරණ මහතා ,කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්රාභාත් චන්ද්රරකීර්ති මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවත් වුණි.
මෙහි දී එම සංවිධාන නියෝජිතයන් පෙන්වා දුන්නේ වසර 100කට වඩා පැරණි වෘත්තිය ඉතිහාසයක් ඇති මෙම ගෘහස්ථ කම්කරුවන්ට මේ වනතුරු මෙරට සෙසු කම්කරුවන් භුක්ති විඳිනු ලබන කිසිදු කම්කරු අයිතිවාසිකමක් හෝ රැකවරණයක් ලැබි නොමැති බවය.අවම වශයෙන් ඔවුන් මෙරට කම්කරුවන් වශයෙන් හෝ කිසිදු පිළිගැනීමක් කර නොමැති බවත්,මේ වන විට රට පුරා 85,000 ආසන්න පිරිසක් ගෘහස්ථ කම්කරුවන් ලෙස සේවය කරන බවත්,ඔවුන් වෙනුවෙන් පළමු වරට මෙවැනි පනතක් ගෙන ඒමට ක්රිඔයාකිරීම පිළිබඳව වත්මන් රජයටත් කම්කරු අමාත්යෙවරයාටත් සිය කෘතඥතාව පළ කරන බව එම සංගම් නියෝජිතයෝ පැවසූහ.කම්කරු අමාත්යංසශය ගෙන එන මෙම නව නීති සම්පාදනය තුළින් කම්කරු දෙපාර්තමේන්තුව ගෘහ සේවකයන් කම්කරු ප්‍රජාවක් ලෙස පිළිගැනීමක් සිදුවන නිසා,එය මෙරට ගෘහස්ථ කම්කරුවන්ට විශාල රැකවරණයක් ලබාදෙන බව එම සංගම් නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් ඇති කිරීමත් සමගම ඔවුන්ට මෙරට ඇති කම්කරු නීති රෙගුලාසිවල පවත්නා රැකවරණය ලැබෙන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙහි දී පෙන්වා දුන්නේය.