රුපියල් හත් ලක්ෂ 98 දහකට වැඩි ප්‍රමාණයක වටිනාකමිකින් යුක්ත නීති විරෝධී දුම්වැටි 11,400 තොගයක් සමග තවත් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කාර්ය බලකාරය (11) සමත් වී තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පො.ප. එස්.පි. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021.08.10 වන දින කඩවත පොලිස් වසමේ අංක 533/10, එක්සත් මාවත, ඉහල කරගහවත්තේදී මෙම වැටලීම සිදුකර තිබේ.
එහි දී පැය 1305 ට තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද නීති විරෝධී දුම්වැටි සන්තකයේ තබා ගැනිමේ වරදට ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවු: 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තණමල්විල පොලිස් වසමේ බලහැරව ප්‍රදේශයේදී මුවමස් ග්‍රෑම් 655ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පේරාදෙණිය පොලිස් වසමේදී ගෙලිඔය ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 1,738ක් පුද්ගලයකු සමග අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්මඅම්බලන්තොට ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 1,180ක් පුද්ගලයකු සමග අත්අඩංගුවට ගෙන හමබන්තොට වරාය පොලිසියට භාරදී ඇත. අමතරව වැලිගම පොලිස්වසමේ දෙනිපිටියේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,660ක් අත්අඩංගුවට ගෙන ඇත.
කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා නායකත්වය යටතේ සහ ගෝනහේන බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙ.පො.අ. පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම වැටලීම් සිදුකර තිබේ.