29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅද පළමු කුඹල් පෙරහැර

අද පළමු කුඹල් පෙරහැර

සියවස් දාහතක් පුරා පැවැත්වෙන ශ්‍රි ලංකාවේ මහා සංස්කෘතික උළෙල, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍ය (13) සිට (23) දක්වා පැවැත්වෙයි.

කොවිවිඩ් වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙවර පෙරහැර ජනතා සහභාගිත්වයෙන්තොරව විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමය සහිතව සංවිධාන කර ඇතැයි ශ්‍රී දළදා මාළිගාව ප්‍රකාශ කරයි.

ජනතාවට නැරඹීම සඳහා ඇසල පෙරහැර PEO TV නාලිකා අංක20/150 HD හා ඩයලොග් TV 16ඔස්සේ විකාශනය කෙරේ. ඊට අමතරව ශ්‍රී දළදා මාළිගාව Face book පිටුව හා youtube නාලිකා ඔස්සේද සජිවි ලෙස නැරඹීම පුළුවනී.

1711 වැනි වරට පැවැත්වෙන මෙවර ඇසල පෙරහැර පසුගිය (09) කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණි. අද(13) ආරම්වන කුඹල් පෙරහැර දින පහක් වීථී සංචාරය කරයි. ලබන 18 ආරම්භවන රන්දෝලි පෙරහැර (22) දක්වා දින 5ක් සංචාරය කරන අතර23 දින දහවල් දිය කැපීමෙන් දළදා පෙරහැර අවසන්වේ.
මෙවර පෙරහැර සඳහා අලිඇතුන් 100ක් පමණද, උඩරට නර්ථන,ගායන,වාදන කලා ශිල්පිහු 5600ක් පමණද සහභාගි වෙති

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments