26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPසංචරණ සීමා සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.

සංචරණ සීමා සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.

 පළාත් අතර සංචරණය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් සඳහා සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී ගත් තීරණ දැනුම්දෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවනු ඇත.

ඒ අනුව සංචාරක, වරාය‍, ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර හිමිවේ.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බවය.

එමෙන්ම අවන්හල්, සාප්පු සංකීර්ණ, සහ වෙළෙඳසැල් පවත්වාගෙන යෑමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළයුතු බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments