26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPනාවික හමුදා දායකත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක්...

නාවික හමුදා දායකත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ, වෙලනි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කයිට්ස් සහ මණ්ඩතිවු දූපත් තුල අභිනවයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පීඑස්එම් චාර්ලස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් 2021 අගෝස්තු 12 වන දින ජනතා අයිතියට පත් කෙරිණි.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කයිට්ස් දුපතේ අම්බිකායි නගර් සහ මණ්ඩතිවු දූපතේ අනෙයිවිලුන්දාන් යන ප්‍රදේශ තුළ අභිනවයෙන් ඉදිකරන ලද මෙම ප්‍රතිආශ්‍රැති මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් එම ප්‍රදේශවාසී ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමේ පහසුකම් සැලසෙනු ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති  මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවන් සඳහා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, උතුරු නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments