29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPජාවාරම්කාර අතරමැදියන්ගේ වීතොග රජයට පවරා ගන්නවා - ආචාර්ය බන්දුල ගුණවර්ධන.

ජාවාරම්කාර අතරමැදියන්ගේ වීතොග රජයට පවරා ගන්නවා – ආචාර්ය බන්දුල ගුණවර්ධන.

යල කන්නයේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් දැන් ආරම්භකර ඇති බවත් වී අලෙවි මණ්ඩලය සහ වී මෝල් හිමියන් හැර පසුව වැඩි මිලට විකිණීමේ අරමුණින් තොග රැස්කරන අතරමැදි ජාවාරම් කරුවන්ගේ වී තොග රජයට පවරා ගන්නා බවත් වෙ‍ෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියි.

“අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වැන්න දැන් ලැබෙමින් තිබෙනවා. වී අලෙවි මණ්ඩලය මේ ප්‍රදේශවල වී මිලදී ගැනීම පටන් අරන්. නාඩු වී කිලෝවක් සඳහා මණ්ඩලය ගෙවන මිල රු.50 ක්.  සම්බා වී කිලෝවකට රු.52 යි.රජය සහ පෞද්ගලික අංශය රට පුරා  තරගකාරී ලෙස සහතික මිලකට වී මිලදී ගන්නවා. එබැවින් ගොවි ජනතාවට වී අලෙවි කිරීමේ දීකිසිදු ගැටළුවක් ඇතිවන්න ඉඩක් නැහැ”, අමාත්‍යවරයා අවධාරණය කරයි.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පල කළේ“වී මිලදී ගැනීමේ අක්‍රමිකතා පිටුදැකීම ” යන මාතෘකාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (13) සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි. දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදී Zoom තාක්ෂණය ඔස්සේ මාධ්‍යවේදීන්ට කතාකළ ඇමැතිවරයා අයුතු ලාභ ලැබීමේ අරමුණින් ජාවාරම්කරුවන් වී හෝ සහල් තොග රැස් කිරීම වැළැක්වීමට හැකි සෑම ක්‍රියමාර්ගයක්ම ගන්නා බව පැවසීය.

ගුණවර්ධන මහතා සඳහන් කළ පරිදි මෝල් හිමියන්ට මිස  අතරමැදියන්ට සහල් තොග රැස් කර තබාගැනීම තහනම් බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත. ජාවාරම් පිටුදැකීම පිණිස  පාරිභෝගික ආරක්ෂණ පනතට සංශෝධන එකතු කර තිබේ. තොග රැස් කරගැනීම සඳහාම වී මෝල් මිලට ගෙන අලුතින්ලියාපදිංචි කර ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බැවින් වී මෝල් අලුතින් ලියාපංදිචියතහනම් කරනු ලැබීය. ගොවි ජනතාවට උපරිම මිලක් ලැබෙන අතර පාරිභෝගික ජනතාව උදෙසාසාධාරණ මිලක් සහතික කෙරෙන වැඩපිළිවෙලක් රජය සැළසුම් කර ඇතැයි ගුණවර්ධන මහතා කීය.

වත්මන් සහල් මිල ගැන අවධානය යොමුකල අමාත්‍යවරයා ජනතාව පරිභෝජනය කරන සහල් කිලෝවක මිල රුපියල් සියයකට වැඩියෙන්අලෙවි කිරීමට ඉඩ නොතබන බව කියා සිටියේය. වැඩි මිලට සහල් අලෙවි කිරීමේ වරදට නියම කළ හැකි දඩ මුදල දැන් රු. 2500 සිට රු.100,000 දක්වා වැඩිකර තිබේ. එකම වරද දෙවරක් කළහොත් දඩය රු. 200,000 කි. සමාගම් සඳහා රුපියල් කෝටියක දඩයක් පැනවේ.

සහල් හිඟයක් වැළැක්වීම සඳහා ආරක්ෂිත පියරවක් ලෙස  සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර ගබඩා කරතැබීමට පියවර ගන්නා බවද වෙළෙඳ අමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments