21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම ගැන විරෝධය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම ගැන විරෝධය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම සහ ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පා එළඹෙන 21 වනදා සෑම නිවසකම කළු කොඩි ඔසවන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිති.

අගරදගුරු මැදුරේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පැවසුවේ ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු කරගැනීම සඳහා ජත්‍යාන්තරය හමුවට යාමේ වැඩකටයුතු මේ වන විට අරඹා ඇති බවය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් යොමුකළේය.

ඊට ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද ප්‍රතිචාරය පිළිබඳව සැහීමකට පත් නොවන බව සඳහන් කරමින් අද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments