ඊයේ (14) දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය මගින් ව්‍යාජ මුදල් නෝට්ටු ළඟතබා ගැනීම ගනුදෙනු කිරීම සහ මුද්‍රණය කිරීමට අදාලව පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් භාරයේ රුපියල් සීයේ නෝටටු විසිපහක්,පන්සීයේ නෝට්ටු දාඅටක්,දහසේ මුදල් නෝට්ටුවක් ඇතුළු අදාල මුදල් නෝට්ටු මුද්‍රණය කරගැනීමට යොදාගන්නා උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේවා සැබෑ මුදල් වූවානම් එහි වටිනාකම රුපියල් දොළොස්දහස් පන්සීයක් වෙනවා. මෙ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
කලින්කලට මෙසේ ව්‍යාජ මුදල් මුද්‍රණය කොට භාවිතා කිරීම් වාර්තාවෙනවා. මීටපෙර රුපියල් පනදහසේ හා දහ සේ මුදල් මුද්‍රණය කිරීම් තමයි වාර්තා වුණේ. මෙහිදි රුපියල් සීයේ හා පන්සීයේ නෝට්ටුද මුද්‍රණය කරන බව වාර්තාවෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඔබ මුදල් නෝට්ටු භාවිතයේදී නිතරම දිය සළකුණ කළු දාරය අවධානය යොමු කරන්න. ව්‍යාජ මුදල් හඳුනාගැනීමේ නිර්ණායක නිරන්තරයේ භාවිතා කරන්න. අත් අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.