21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාසෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ වැසෙන ස්ථාන

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ වැසෙන ස්ථාන

August 18, 2021   05:01 pm

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

එය අගෝස්තු මස 31 වන දා දක්වා බලපැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

ඒ අනුව නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. එහෙත් රැකියාව සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටත ට යනවිය එය අදාළ නොවේ.

  • සාප්පු සංකීර්ණ අද (18) සිට සම්පුර්ණයෙන් ම වසා තැබේ. සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වර සිටිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.
  • සති දෙකක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමේ.
  • කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ථත ක්‍රීඩාගාර අද සිට වසා දැමේ.
  • ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීජ් පාටි හා  වෙරළේ ඒකරාශී වීම ද අද සිට තහනම් වේ.
  • පිහිණුම් තටාක හා ස්පා අද සිට වැසේ.
  • හෝටල් හා නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments