බඩගින්නේ මිනිස්සු මැරෙන්න ඉඩ තියන්නේ නැති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(18) පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවෙහි නිරීක්ෂණ සංචාරයක් සඳහා එක් වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය……….සමස්ත ලෝකයටම බලපා ඇති ආර්ථික අර්බුදය හා ජනතාවට බලපා ඇති සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්වය හමුවේ ස්වයං නිරෝධායනයට සම්පූර්ණයෙන්ම ඉඩ පවතිනවා. අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සලකා සතොස හා සමූපකාර අලෙවිසැල් මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හා Q-shop පාරිභෝගිකයා වෙත විවෘත කරනු ලබනවා.
යුද්ධය පැවති සම්පූර්ණ කාල සීමාවේදී වුවද විවෘතව පැවති පිටකොටුව තොග වෙළෙඳපොල මෙම කාල සීමාවේදී ද විවෘතව තිබෙනවා. මුළු දිවයිනම ආවරණය වන පරිදි සතොස මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් නිවසටම ගෙනගොස් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසනවා. මෙම බෙදාහැරීමේ සේවාව ආරම්භයේ සිට සති දෙකක කාලයක් තුළ කිසිදු ප්‍රවාහන ගාස්තු අය කිරීමකින් තොරව සහන මල්ල නිවසටම ලබා දීමට කටයුතු කරනවා. සෞඛාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින්, එන්නත්කරණය සිදු කර අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම මේ අවස්ථාවේදී අතිශයින් වැදගත්.
එනමුත්, ස්වයං නිරෝධායනයට ලක් වීමට ඕනෑම අයෙකුට හැකියාව පවතින අතර සිය අභිප්‍රාය පරිදි ඕනෑම වෙළෙඳසැලක් විවෘතව තැබීමට හෝ වසා දැමීම සඳහා හිමිකරුවන්ට ඇති අයිතියට,කිසිදු පාර්ශ්වයක් විසින් බලපෑම් ඇති කරන්නේ නැහැ.
කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම තුළින්, පාරිභෝගිකයාට බාධාවකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට ඇති හැකියාව තවදුරටත් ලබා දෙනවා. මෙරට නිෂ්පාදනය නොකරන අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහාත්, මෙම භාණ්ඩ රට පුරා බෙදාහැරීමේ ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහාත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.