නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ පනහක් වටිනා කේරල ගංජා ග්‍රෑම් 14,000 ක් සමග පුද්ගලයෙකු පේදුරුතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ නිලධාරීන් සමත් වූහ.
ෙමෙම කේරළ ගංජා ඉන්දීය ධීවරයන්ගේ ධීවර යාත්‍රා වලින් ඉන්දීය මුහුදු සීමාව දී දේශිය ධීවර බෝට්ටු වෙත හුවමාරු කරගනිමින් පසුව මෙරට තුලට ගෙන එන බවත් මෙම ජාවාරම මෙම සැකකරු විසින් අවුරුද්දක පමණ කාලසීමාවක සිට සිදුකරන බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වල දී අනාවරණයවී තිබේ. මෙම කේරළ ගංජාවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ පනහක් බව සුරාබදු නිලධාරින් ගණනය කර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පේදුරුතුඩුව පදිංචි වයස අවුරුදු 44 ක් පමණ වන අයෙක් වන අතර මොහු මෙම(14) පේදුරුතුඩුව මහේසත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන(27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම වැටලීම සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ සෘජු අධීක්ෂණය යටතේ හා සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ, සුරාබදු අධිකාරී (දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් කාර්යාංශය) එච්.ජී.ජයවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක අකිල රත්මලවින්න මහතා විසින් නියාමක 1141 රමිත යන නිලධාරියාගේ ඔත්තුවකට මෙම වැටලීම සිදු කර ඇති අතර එම වැටලීම සදහා සුරාබදු පරීක්ෂක සුමිත් ප්‍රේමකුමාර, සුරාබදු කෝප්‍රල් 698 ඉන්දික, සුරාබදු නියාමක 717 නුගේගොඩ හා සුරාබදු නියාමක රියදුරු අසංක යන නිලධාරීන් ද සහභාගී වූහ.