23.5 C
Sri Lanka
Monday, June 23, 2025
Homeවිදේශීය පුවත්තමන්ට එරෙහි වූ කිසිවෙකුගෙන් තමන් පළිනොගන්නා බව -තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සුබිහුල්ලා...

තමන්ට එරෙහි වූ කිසිවෙකුගෙන් තමන් පළිනොගන්නා බව -තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සුබිහුල්ලා මුජහිද්

තමන්ට එරෙහි වූ කිසිවෙකු තමන් පළිනොගන්නා බව තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සුබිහුල්ලා මුජහිද් (Zabihullah Mujahid) ප්‍රකාශ කළේය.ඔහු මේ බව පැවසුවේ කාබුල් අගනුවර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

ඒ අනුව සියලු ඇෆ්ගන්වරුන්ට ‘සමාව ලබාදෙන බව‘ ඔහු පවසා තිබෙනවා.

එසේම කාබුල් අගනුවර සිට පළා යමින් සිටින ඇෆ්ගන්වරුන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ නැවත සිය රට බලා එන ලෙසයි.

ඇෆ්ගන් මාධ්‍ය මධ්‍යස්ථානය වෙත මෙම මාධ්‍ය හමුව සඳහා පැමිණෙන ලෙස තලෙයිබාන් සංවිධානය දැනුම් දී තිබිණි. එය, තලෙයිබාන් සංවිධානය විසින් පවත්වනු ලැබූ පළමු මාධ්‍ය හමුවයි.

තමන් බාහිරව හෝ අභ්‍යන්තරිකව සතුරන් තනාගැනීමට අදහස් නොකරන බව ද එහිදී තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

නව තලෙයිබාන් පාලනය ඔහු විසින් හැඳින්වූයේ ඇෆ්ගනිස්ථානයට නිදහස ලබාගැනීමේ ජයග්‍රහණයක් ලෙස ය. එ් සඳහා සුබපැතිය යුතු බව ද ඔහු පැවසුවේය.

පුද්ගලික මාධ්‍යවලට තවදුරටත් ස්වාධීනව වැඩ කටයුතු කරගෙන යාමට ‘අවසර ලබාදෙන ‘බව පැවසූ තලෙයිබාන් සංවිධානය, එසේ අවසර ලබාදෙන්නේ ඔවුන් ‘ජාතික වටිනාකම්වලට එරෙහිව වැඩ නොකරන්නේ නම්‘ බව ද පවසා තිබේ.

කාන්තාවන්ට ඉස්ලාම් ආගම තුළ සීමාසහිත නිදහසක් දෙන බව ද ඔහු කියා තිබේ.

අන්තර්ජාතික ප්‍රජාව ඉලක්ක කර ගත් ප්‍රකාශ කිහිපයක් ද මෙහිදී දැකගත හැකි විය. ඇෆ්ගනිස්ථානයේ සිට සිදුකෙරෙන මත්ද්‍රව්‍ය වෙළඳාම නතර කරන බවට ඔවුන් පොරොන්දු දුන් අතර, ත්‍රස්තවාදය සඳහා කඳවුරක් හෝ මූලස්ථානයක් වශයෙන් ඇෆ්ගනිස්ථානය යොදාගැනීම වළක්වන බව ද එහිදී පවසා තිබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments