29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්එ.ජා.ප.යෙන් ජනපතිට ප්‍රතිපත්ති මාලාවක්. එ.ජා.ප.සභාපති

එ.ජා.ප.යෙන් ජනපතිට ප්‍රතිපත්ති මාලාවක්. එ.ජා.ප.සභාපති

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුනා.
ඊයේ (17)දින උදෑසන 11:00 ට පමණ එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුනා. එම තීරණය වැදගත් තීරණයක් ලෙසයි අප සළකන්නෙ. රටේ ජාතික ව්‍යසනයක් තිබෙන අවස්ථාවක, රටේ ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිව තිබෙන අවස්ථාවක ඉදිරියට ද තත්ත්වය ඉතාමත් භයංකර නරක තත්ත්වයකට ගමන් කරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයට ජාතික යුතුකමක් තිබෙනවා. රටේ නායකයා සමග කතා කරලා මහජනයා ආරක්ෂා කර ගැනීම සඳහා අපේ දැනුම සහ පළපුරුද්ද ලබා දී පියවර ගන්නවා.

එක්සත් ජාතික පක්ෂය ජාතික ප්‍රශ්න වලදී එහෙම ක්‍රිය කරලා තියෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයේ එසේ ක්‍රියා කරලා තියෙනවා. යුද්ධය පවතින අවස්ථාවල චන්ද්‍රිකා මැතිණිය සමග ලියෝන් ෆොක්ස් ගිවිසුම අත්සන් කරන අවස්ථාවට සහයෝගය ලබා දුන්නේ ද ඈත පෙනෙන දූරදර්ශී නායකයෙකු ලෙසයි.
ජනතාවට නායකත්වය දීමට සැබෑ නායකයින්ට බලය සහ ආධිපත්‍යය අවශ්‍ය නොවේ. නිවැරදි හේතුව නිසා නියම වේලාවට නිවැරදි දේ කිරීමට ඔවුන් කැපවී සිටී. අවශ්‍යතා ඇති අවස්ථාවක මුලින්ම පැමිණෙන්නේ ඔවුන් වන අතර, ඔවුන් කිසි විටෙකත් බියෙන් පසුබසින්නේ නැත. රනිල් වික්‍රමසිංහ ද පළපුරුද්ද හා දැක්ම අතින් කිසිවෙකුට සම කළ නොහැකි ඒ වගේ නායකයෙකි. නායකත්වය වඩාත් අවශ්‍ය අවිනිශ්චිත හා අවුල් සහගත කාලවලදී, බාධක බිඳ දමමින් අන් අයට උදව් කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය යි.
ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය රටේ වර්තමානයේ ජනතාව මුහුණ දෙන බරපතල ඛේදවාචකයකට ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. එම ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කළේසෞඛ්‍ය ආර්ථිකය සුරක්ෂිත වූ රටක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය එළිදක්වන ප්‍රතිපත්ති මාලාව ද ක්‍රියාවට නැංවීම මෙම හමුවීමේ අරමුණයි.

සෞඛ්‍ය සහ ආර්ථිකය සුරක්ෂිත වූ රටක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය එළිදක්වන ප්‍රතිපත්ති 21
1) කෝවිඩ් වසංගතයට මුහුණදීම උදෙසා හමුදාව සහ ඉදිකිරීම් සමාගම්වල උපරීම සහයෝගය ඇතිව තාවකාලික ක්ෂේත්‍ර රෝහල් ඉදිකිරීම. රෝගීන් සඳහා නව ඇඳන් සම්පාදනය ද මෙයට ඇතුළත් ය.
2) ශ්වසන අපහසුතා ඇතිවන රෝගීන් සඳහා කෘත්‍රිමව ඔක්සිජන් ලබාදෙන උපකරණ (ventilators) ලබාගැනීම වෙනුවෙන් මෙන්ම අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය පවත්වා ගැනීම වෙනුවෙන් රජය වහාම ජාත්‍යන්තර සහාය ලබාගත යුතු ය. මේවා රටට ඉක්මණින් ගෙන්වා ගැනීම වෙනුවෙන් ගුවන් පහසුකම් භාවිතා කළ යුතුය.
3) රටේ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සහායවීම සඳහා විශ්‍රාමික වෛද්‍ය වෘත්තිකයින්ගේ මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය අංශ වෘත්තිකයන්ගේ සේවය ද ලබාගත යුතු ය. හැකි අයුරින් අනෙකුත් විශ්‍රාමික සෞඛ්‍ය සේවකයන්ගේ ද සහාය ලබාගැනීම කාලෝචිත ය.
4) එන්නත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කළ යුතු අතර, COVID-19 ආශ්‍රිත කටයුතු වෙනුවෙන් දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවා, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම නිර්දේශිත වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments