ඒ මහතා එසේ පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ (18) පැවති මාධ්‍ය හමුවේ දීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීය…..රටේ අද වෙන විට වෛද්‍ය සංගම්ද විශේෂඥයින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලු දෙනා රට තාවකාලිකව lockdown කරන මෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුව එවැනි ප්‍රතිපත්තියක නැති බව ඉතාම පැහැදිලිවයි ආණ්ඩුව මුල සිටම කෝවිඩ් මර්දනයට වැඩිය දේශපාලන වැඩවලට තමයි ප්‍රමුඛත්වය ලබා දුන්නේ මේ වෙනකොට නගර කිහිපයකම වෙළඳ සංගම් ස්වයං lockdown එකකට යන්න තීරණය කරලා එහිදී තමන් විසින්ම වෙළෙඳසල් වසා දමා තිබෙනවා ඒ තුළින් පෙනී යන්නේ ආණ්ඩුව කියන දේ ජනතාවක් අහන්න එහි නැති බවයි ඒ නිසා තමයි අද ජනතාව තමන් විසින්ම ස්වයං පාලනයකට යොමු වෙලා තිබෙන්නේ අද වන විට එය රට වටේම ජනතාව තේරුම් අරගෙන තිබෙනවා එසේ කඩ වාහන කොට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ඇයි කඩ වහන්න ඒ කියලා අහනවා එසේ අහන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා එතුමා දන්නෙ නැහැ මේ කඩ හිමියන් අද කඩ වහන්නේ කැමැත්තෙන් නෙමෙයි කියලා කඩ හිමියන් දන්නවා අද රටේ තත්ත්වය අනුව කඩ ඇරගෙන හිටියොත් ජනතාව ඒකරාශී වෙලා වෛරසය තවත් පැතිරෙන බව ඔවුන් කරන්නේ කෝවීඩ් පාලනයට සහයෝගය ලබාදීමටක් නමුත් ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන සංවිධායක තුමා කියනවා මොකටද කඩ වහන්නේ එදා වැහුවෙත් නැහැ කියලා එහිදී අපට අහන්න වෙනවා සංවිධායකතුමා කොහේද ඉන්නේ කියලා එතුමා දන්නෙ නැද්ද අද වෙන විට ආණ්ඩුව කියන ආකාරයට 150කට වැඩිය මිය යනවා තුන් දහසකට ආසන්න රෝගීන් හමු වෙනවා එවැනි තත්ත්වයක රට තිබෙන තිබෙන බව අපි දන්නවා නමුත් ආන්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට මේකේ ගානක් නැහැ ඇති වී තිබෙන වර්තමාන තත්ත්වය ගැන ඔවුන්ට කිසිම අදහසක් නැහැ වර්තමාන තත්ත්වයට මොනතරම් දුරට උඩු දුවලා තිබෙනවා ද කැබිනට් ඇමතිවරු දන්නෙ නැහැ .ඔවුන් සිටින්නේ මොන්ටිසෝරි ළමයි වගේ එය ඉතාම භයානක තත්ත්වයක් රටේ මෙච්චර ව්‍යයසනයක් ඇතිවෙලා ජනතාව ගෙවල් වලට වෙලා තමන්ගේ එදිනෙදා කටයුතු කළ සියලු දේ නවත්තලා ජනතාවට මරබියෙන් ඉන්න සිදුවෙලා මාස ගණන් ගෙවල්වල හිර වෙලා ඉඳලා මියගියාම පීසීආර් පරීක්ෂණ වලින් කෝවිඩ් කියලා කියනවා මෙවැනි යුගයක අපි මේ ඉන්නේ එවැනි දෙයක් වෙලත් සෞඛ්‍ය අංශ බලධාරීන් කියන දේ අහන්නේ නැතුව ආණ්ඩුව කටයුතු කරනවා. මේ රටේ ජනතාවම තේරුම් අරගෙන තමන් විසින්ම ස්වයං පාලනයක් වෙන්න හදනකොට ආන්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරයෙක් ඇවිත් කියනවා කඩ වහන්නේ කුමන්ත්‍රණයකට කියලා එහිදී පෙනී යන්නේ ආන්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරුන්ටත් මේක තේරුම් ගන්න බැහැ කියලා ඉතින් කොහොමද covid පාලනයක් කරන්නේ කැබිනට් ඇමතිවරුන් වත් මේක තේරුම් ගන්නේ නැත්නම් ආණ්ඩුවට පුළුවන්ද මේක කරන්න ආණ්ඩුව ඉන්නේ කෝවිඩ් පාලනය කරන අදහසකින් නොවේ ඔවුන් ඉන්නේ පාලම් ටික හදාගන්න අධිවේගී මාර්ග ටික හදාගන්න නගර අලංකරණය කරන්න එවැනි ව්‍යාපෘතිවල ඒ නිසා තමයි මෙහි පාලනය ඔවුන්ට තේරෙන්නේ නැත්තේ එම නිසා මහා බරපතළ තත්ත්වයකට අද රට පැමිණ තිබෙනවා.
එන්නත් කරන වැඩපිළිවෙල දී ලෝක සෞඛ්‍ය සංවිධානය යම්කිසි උපදෙස් මාලාවක් දුන්නා එය සිදු කරන්නේ මේ ආකාරයටයි කියලා එහිදී ප්‍රමුඛතා පිළිවෙලක් ඔවුන් විසින් ඉදිරිපත් කරා සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශය වෙළදාම් අංශය වගේම කෝවිඩ් පාලනය ඉදිරියෙන් කටයුතු කරන අයට ඒ වගේම වයස අවුරුදු 60 ට ඉහළ අයට ඒ ආකාරයට එන්නත්කරණය සිදුකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා එහි දී ආණ්ඩුව එම සංවිධානයට පොරොන්දුවකුත් දුන්නා එය ඔවුන් ලබා දෙන නිර්දේශ අනුවයි අපි එන්නත ලබාදෙන්නේ තියලා විශේෂයෙන්ම ඔවුන් කිව්වේ 60 ට ඉහළ අය ප්‍රමුඛතාවය කරන්න කියලා දැන් ආණ්ඩුව ම කියනවා වැඩිපුර මිය ගිහින් තිබෙන්නේ 60ට වැඩි අය කියලා ඒක අපිත් පිළිගන්නවා මොකද 60න් ඉහල අයට එන්නත් දෙන්න ආරම්භ කළේ අද ඊයේ ආණ්ඩුව මුලදී එම අයට එන්නත ලබා දුන්නේ නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානයට දුන් පොරොන්දුව 60න් ඉහල අයට මුලින් දෙනවා කියලා නමුත් ඒ පොරොන්දුව අනුව නෙමෙයි ආණ්ඩුව වැඩ කරේ ආන්ඩුවේ අයගේ දේශපාලන වුවමනාව මත එන්නත්කරනය සිදු වූ බව අපි සියලු දෙනාම දන්නවා ෆයිසර් එන්නත ආව ගමන් එක්කෙනෙක් අරන් යනවා මොඩාර්නා එක ආවාම තව කෙනෙක් ඒක අරන් යනවා තව අය ඇස්ට්‍රාසෙනිකා අරන් ගියා හම්බන්තොටට ඒ ආකාරයටයි වැඩ කරේ එහෙම නැතුව විද්‍යානුකූලව ලෝක සෞඛ්‍ය සංවිධානය කියපු ආකාරයට ද එන්නත් කරනය සිදුවුණේ, එහෙම වුණේ නෑ. ඒ නිසා තමයි හැටන් ඉහළ අය අද වෙන විට මිය යන්නේ මාධ්‍යට ඇවිල්ලා සෞඛ්‍ය අධ්‍යක්ෂක තුමා කියනවා 60 ඉහළ අය තමයි වැඩිපුර මිය ගිහින් තියෙන්නෙ කියලා ඔව් 60න් ඉහල අයට එන්නත ලබා දුන්නේ නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා 60න් ඉහළ අයට එන්නත ලබාදෙන්න කියලා ආණ්ඩුව ආණ්ඩුව ප්‍රමුඛත්වය කරේ 30 -60 අතර අය ගෙදර ඉන්න තරුණ ළමයි covid හදාගෙන ගෙදර ආවම ගෙදර ඉන්නේ වැඩිහිටියන්ට බෝවෙනවා ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ හැටන් ඉහල අයට ප්‍රමුඛත්වය දෙන්නෙ කියලා ඒ වගේම තමයි එන්නත් කරනයේ ක්‍රමවේදයක් නැති කම දේශපාලන උවමනාවට සිදුවුන නිසා විශාල අර්බුදයක් එන්නත් කරනයේ සිදුවෙලා ආණ්ඩුව හැම එකෙන්ම කරන්නේ බොරුව ජනතාව රවට්ටන එක ඒ විතරක් නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් රවට්ටනවා ජාත්‍යන්තරයත් රවට්ටනවා එසේ කරද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය අපට උදව් කරන්නේ නැහැ ජාත්‍යන්තරය අපට උදවු කරන්නෙත් නැහැ එක එක අයගේ වුවමනාව මත පීඩනය මත තමයි එන්නත්කරණය සිදුවෙන්නේ එම නිසා විශාල අර්බුදයක් උඩ තමයි සියල්ල සිදු වෙන්නේ.
අපි මුල ඉදන්ම කියපු කාරණාවක් තමයි විසිවෙනි සංශෝධනය ගෙනාපු අවස්ථාවේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන අපි කතා කරා එහිදී අධිකරණය ස්වාධීනත්වය නැතිවෙන එක ගැන අපි තර්ක කරා අද එහි ප්‍රතිඵල දකින්න ලැබෙනවා ජනාධිපතිවරයා නැවත වතාවක් තමන්ගේ බලතල වලට අධිකරණය යටත් කිරීම හා තමන්ට අවශ්‍ය තීන්දු තීරණ අධිකරණය තුළින් ලබා ගැනීමට අධිකරණ කොමිෂන් සභාව හරහා අධිකරණ විනිසුරු වරයන්ට පීඩනයක් එල්ල කිරීම සිදුවෙනවා එය ඉතාම බරපතළ තත්ත්වයක් මොකද අපේ රටේ ජනතාවට අවසානට පිහිට වෙන්න තිබෙන එකම තැන අධිකරණයයි එහි ස්වාධීනත්වය ගැන ජනතාවට සැකයක් ඇති වෙනවා නම් අධිකරණ ක්‍රියාවලිය තුළ සැකයක් ජනතාව තුළ ඇති වෙනවා නම් එය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට රටේ ඉදිරි ගමනට එතරම් සුබදායක තත්ත්වයක් නෙමෙයි එම නිසා ආණ්ඩුවට විරුද්ධ ජනතා බලවේගයක් රට තුල නිර්මාණය වෙමින් පවතිනවා ආණ්ඩුව අසාර්ථකයි කියලා බහුතරයක් මේ වෙනකොට පිළිඅරන් තිබෙනවා ආණ්ඩුවේ තීන්දුවලට පරස්පර විදියට කියන්න ජනතාව තීන්දු කරලා හැම පැත්තකින් ම ආණ්ඩුවට තිබූ ආකර්ෂණය හා විශ්වාසය බිඳ වැටෙමින් තිබෙනවා විශ්වාසය දිනා ගැනීම ආණ්ඩුව දේශපාලනිකව සිදුවෙන්න ඕන දෙයක් එහෙම නැතුව අධිකරණයට හා වෙන වෙන අයට බලපෑම් කරලා ආණ්ඩුව හිතනවා නම් ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න මේ රටේ ජනතාව දහස් ගණනක් මහපාරට එන බව වැඩි ඈතක නෙමෙයි කියලා මේ අවස්ථාවේ කියනවා ආණ්ඩුවට අපි නැවතත් කියනවා මේවත් සමග සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා එහෙම කටයුතු කරන්න ගිය මීටත් වඩා ඒකාධිපති පාලකයන් ට වුණු දේ අපි දන්නවා බංගලාදේශයේ ඉරානයේ අයට සිදු වෙච්ච දේ අපි දන්නවා එම නිසා අධිකරණයට බලපෑම් කිරීමෙන් සිදු වූ දේවල් අතීතයේ සිට අපි දන්නවා.
මේ මාධ්‍ය හමුවට පා.ම.මනෝ ගනේෂන් හා මොරටුව නාගරික මන්ත්‍රී ලිහිණි ප්‍රනාන්දු මහත්මියද එක්වූහ.