27 C
Sri Lanka
Monday, June 23, 2025
HomeTOPඅද රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය.

අද රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය.

මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය අද (20) රාත්‍රි 10.00 සිට 30 දින අලුයම 4.00 දක්වා තෙක්පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔහු පැවසීය.

එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments