විශේෂ කාර්ය බලකාය විශේෂ
මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 40
කට වැඩි වටිනාකමින් යුත් නීති
විරෝධී දුම්වැටි 54,000ක්
අත්අඩංගුවට ගෙන තිබේ.
සිගරැට් තොගය තීරු බදු
නොගෙවා මෙරටට ආනයනය කර
තිබේ.
විශේෂ කාර්ය බලකා විශේෂ3 හි
නිලධාරීන්ට ලද තොරතුරකට අනුව
ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත්
කුමාර . ජේ.පී.පී. අංජන ඇතුළු
නිලධාරීන් කණ්ඩායමක් විසින්
ගුවන් හමුදා නිලධාරීන් ලබාදුන්
බුද්ධි තොරතුරකට අනුව විශේෂ
කාර්ය බලකායේ බුද්ධි අංශ
නිලධාරීන් යොදවා ආවේක්ෂණ
රාජකාරි නිලධාරීන්ගේ තොරතුරු
දෙහිවල පොලිස් වසමේදී මෙම
අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති
අතර මෙහිදි පුද්ගලයකුද
අල්ලාගෙන ඇත. මෙහිදි පූගොඩ කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව ගණීගම සිදුකළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 5.500ක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. ගම්පොළ පොලිස් වසමේ බෝතලාපිටියේ සිදුකළවැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 1,949ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව තවත් හෙරොයින් අත් අඩංගුවට සමත්වී තිබේ.
මීට අමතරව තණමල්විල ගල්කොටුකන්ද ඇතුළු ප්‍රදේශවල වැටලීම් කරමින් ගංජාගස් 7,550ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව වැලි ජාවාරමුන්ද අත්අඩංගුවට ගෙන ඇත.