29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනා වඩාත් කැපකිරීම්...

ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනා වඩාත් කැපකිරීම් කිරීමට සිදුවේවි. ජනපති

ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනා වඩාත් කැපකිරීම් සිදුකිරීමට සිදුවේයි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

රට අරාජිකත්වයට තල්ලුකිරීමට උත්සාහ නොකරන්නැයි කීවේය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මෙය උද්ඝෝෂණ හෝ වර්ජන කිරීම සඳහා කාලයක් නොවන බවය.

මේ වනවිට වයස අවුරුදු 30න් ඉහළ 98%ක් පමණ පිරිසකට එන්නත ලබාදී ඇති බවත් 43%ක් පමණ පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම සැප්තැම්බර් 10 වනදා වනවිට අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම පූර්ණ එන්නත්කරණය සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් ඉලක්ක කරගෙන අවම වශයෙන් සතියකට වරක්වත් වේගවත් ප්‍රතිදේහජනක පරීක්‍ෂණ සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ දැනුවත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනා වඩාත් කැපකිරීම් සිදුකිරීමට සූදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ, රටේ සියලු දෙනා බැරෑරුම් තත්ත්වය ‌තේරුම්ගෙන සැලසුම්සහගතව රට ඉදිරියට ගෙන ආ යුතු බවත් කණ්ඩායමක් ලෙස එක්වී මේ වසංගතය පරාජය කිරීමට වැඩ කරන ලෙසය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments