සුරාබදු බලපත්‍රයක් නොමැතිව
ඇඳිරිනීති සමයේදී විකිණීමට
රැගෙන යෑමට සූදානම් කර තිබු
රුපියල් අසුහතර දහසක් පමණ
වටිනා දේශීය අරක්කු තොගයක්
සමග සැකකරුවන් දෙදෙනකු
මාලඹේදී අත්අඩංගුවට ගැනීමට එම
ශ්‍රී ලංකා සුරාබදු
දෙපාර්තමේන්තුවේ දීපව්‍යාපත
සුරාබදු විශේෂ මෙහෙයුම්
කාර්යාංශයේ නිලධාරීන් සමත්වී
තිබේ.
එක් පුද්ගලයකු හට ළඟ තබාගත
හැකි අනුමත දේශීය මත්පැන්
(අරක්කු) ප්‍රමාණය මිලි ලීටර්
31,500යි. එනම් (බෝතල්
42)ක්වේ. මෙම මත්පැන් තොගය
ඇඳිරිනීති කාලය සීමාව
ක්‍රියාත්මකවන කාල සීමාවන් වලදී
අනාවරණය වී තිබේ. එම සැකකරුවන් දෙදෙනා මාලඹේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35ක් හා 40ක්වේ. මොවුන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වැටලීම සුරාබදු කොමාසාරිස් ජනරාල්ගේ සෘජු අධීක්ෂණය යටතේ හා සුරාබදු කොමසාරිස්(නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතාගේ, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්(නීති ක්‍රියාත්මක කිරීම) ගාමිණි අධිකාරි ,සුරාබදු අධිකාරි(දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශ) එච්.එච්.ඩි.ජයවර්ධන මහතාගේ උපදෙස් අනුව සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා සුරාබදු කෝප්‍රල් 997 නිලන්ත මහතාගේ ඔත්තුවකට මෙම වැටලීම සිදුකර ඇති අතර මෙම වැටලීම සඳහා සුරාබදු කෝප්‍රල් 828හර්ෂ, සුරාබදු නියාමක රියැදුරු හේරත් යන නිලධාරීන් සහභාගිවූහ.