පොලිස් විශේෂ කාර්ය බලකාය ඉකුත් දෙදින තුල සිදුකළ වැටලීම්වලදී වටිනා දැව,අවි ආයුධ,වැලි ජාවාරමුන්, ඇත්දළින් නිම කළ බුදු පිළිමයක් තවත් නීති විරෝධි ජාවාරම් හා ඒවාට යොදාගත් උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සූරියපුර පොලිස් වසමේදී ඇත් දළ වලින් නිමකරන බුදු පිළිමයක් සමග පූජාභාණ්ඩ අත් අඩංගුවට ගෙන ඇත. එමෙන්ම කින්නියා පොලිස් වසමේදී සිංගකුලි ග්‍රාමයේ කැළෑබද ප්‍රදේශයේදී ආපඊජී උණ්ඩ දෙකක් සොයාගෙන ඇත. කැබැතිගොල්ලෑම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් කපුගොල්ලෑම පොලිස් වසමේ අලියාකඩ ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඉරණ ලද පළු දැව කැබලි 09ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර අක්කරපත්තුව පොලිස් බලප්‍රදේශයේ පල්ලේකාඩු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ලෝඩර් රථයක් යොදාගෙන පස් කැණීම් කර සිටි පුද්ගලයකු එම රථයද සමග අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව අච්චුවේලි ප්‍රදේශයේදී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකිව හා ආයුධ සහිතව යම් අපරාධයක් කිරීමට සූදානම්ව සිටි පුද්ගලයින් සිව්දෙනකු ළඟ තිබු ආයුධ සමග අත් අඩංගුවට ගෙන ඇත. එමෙන්ම තිරික්කෝවිල් පොලිස් වසමේ රූපස්කුලම් වැව අසල ඇල මාර්ගයේදී පුද්ගල නාශක බෝම්බයක් සොයාගෙන ඇත. පූගොඩ පොලිස් වසමේ කළු පාලම අසලදී රජයේ අනුමැතිය ඇති අති විශේෂ වර්ගයේ අරක්කු ලීටර් 750යේ බෝතල් 50ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවහනය කරමින් තිබෙද්දි අත් අඩංගුවට ගැනීමට හැකිවි තිබේ.