26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPශ්‍රී ලංකා රතුකුරුස සමාජයෙන් පවුල් 6500කට රුපියල් මිලියන 100ක මුල්‍ය ආධාර.

ශ්‍රී ලංකා රතුකුරුස සමාජයෙන් පවුල් 6500කට රුපියල් මිලියන 100ක මුල්‍ය ආධාර.

ශ්‍රී ලංකා රතුකුරුස සමාජයෙන් පවුල් 6500කට රුපියල් මිලියන 100ක මුල්‍ය ආධාර
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුර සහ ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ඇති වූ නාවික අනතුර නිසා ජීවනෝපාය අහිමි වූ පවුල් 6500 කට රුපියල් මිලියන 100ක මුල්‍ය ආධාර ශ්‍රී ලංකා රතුකුරුස සමාජය මගින් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ.

ගංවතුර නිසා පීඩාවටපත් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, පුත්තලම සහ ගාල්ල දිස්ත්‍රික්කවල පවුල් 3500 කට රුපියල් 15,750.00 බැගින් මුල්‍යාධාර ශ්‍රී ලංකා රතුකුරුස සමාජය මගින් ලබාදෙන අතර එයට අමතරව ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ඇතිවූ නාවික අනතුර නිසා ජීවනෝපාය අහිමිවූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 3000කටද රුපියල් 15,000.00 බැගින් මුල්‍යාධාර ලබාදීමට පියවර ගෙන තිබේ.

කිසිදු කොන්දේසියක් නොමැතිව ලබාදෙන මෙම ආධාර තමන්ගේ ඕනෑම අවශ්‍යතාවයක් සදහා යොදාගත හැකි අයුරින් මෙය ලබාදෙනු ඇත. ප්‍රාදේශීයලේකම් කාර්යාලවල සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය මගින් මෙම කටයුතු සිදුකෙරේ.
ශ්‍රී
ලංකා රතුකුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා මේ සඳහා දායකවන ලෙස අන්තර්ජාතික රතුකුරුස සහ රතුඅඩසඳ සම්මේලනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම හදිසි මුදල් ආධාර ලබාදෙනු ඇත. දැනටමත් දිස්ත්‍රික්ක කීපයක මෙම මුදල් ආධාර ලබාදීම ආරම්භකර ඇත.

ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ කොරෝනා වසංගතයෙන් බැටකන ජනතාවට මෙය සහනයක් වනු ඇතිබව ට විශ්වාස කරනු ලබන බවත් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය කරගෙන යන මානුෂීය වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට කරගෙන යාමට සහෝදර රතුකුරුස සමාජ සහ ආයතන එක්කර ගැනීමට බලාපොරොත්තුවන බවත් මේ මොහාතේ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ලබාදෙන මානුෂීය ආධාර වෙනුවෙන් අන්තර්ජාතික රතුකුරස සහ රතු අඩසඳ සම්මේලනය වෙත සිය ස්තුතිය පුදකරන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments